Tag: පුරවැසිභාවය

ඔස්ට්‍රේලියාවේ උපත ලැබුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවනවාද?

ඔස්ට්‍රේලියාවේ උපත ලැබුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවනවාද?

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කර ඇති නමුත් තවමත් ඒ සම්බන්ධව නඩු විභාගයක් පැවැත්වෙන ශ්‍රී ලාංකික දමිළ පවුලගේ පුවතත් සමග ඉහත ප්‍රශ්නය මේ වන විට බොහෝ සංක්‍රමණිකයින් අතර සාකච්ඡාවට බඳුන් වන ගැටළුවක් බවට පත්වී තිබේ. යම් දරුවෙකු ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පමණින් ඔහුට හෝ ඇයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේද? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ඇතැම් රටවල යම් දරුවෙකු උපත ලැබුවහොත් ඔහුට හෝ ඇයට එම රටේ පුරවැසිභාවය ස්වයංක්‍රීයව හිමිවන බව ABC පුවත් සේවය වාර්තා කරයි. ඔස්ට්‍රේලියාවේ ද එම තත්ත්වය අතීතයේදී පැවති බව සඳහන්. නමුත් යම් දරුවෙකු ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පමණින් ඔහුට හෝ ඇයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ස්වයංක්‍රීයව හිමිවන ක්‍රමය 1986 වසරේ අගෝස්තු 19 වන දින සිට අවසන් වූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. එය 2007 ඔස