Tag: බංග්ලාදේශය. පාකිස්තානය. බලුකිස්තානය

පකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට රොකට් වෙඩි ප්‍රහාර
ලෝකය වටා

පකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට රොකට් වෙඩි ප්‍රහාර

ඉකුත් සඳුදා රාත්‍රියේ සිට මේ දක්වා පාකිස්තානයේ සිට තම රටට රොකට් වෙඩ් ප්‍රහාර 50ක් එල්ලවී ඇතැයි ඇෆ්ගනිස්ථානය පවසනවා. එරට කුනාර් පළාතේ ආණ්ඩුකාර මොහොමඩ් ඉක්බාල් සයීඩ් පවසන්නේ මෙම රොකට් වෙඩි ප්‍රහාර මගින් සිවිල් වැසියන්ගේ දේපල වලට බරපතල හානි සිදුව ඇති බවයි. අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙන්නේ දේශසීමාවේ දෙපස ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නිරන්තරයෙන් මෙවන් ගැටුම් හටගන්නා බවයි. ඒවා සෘජුවම හමුදා ක්‍රියාකාරකම් ලෙස ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය චෝදනා කරමින් සිටින බව ද එම වාර්තා පැවසුවා. කිලෝමීටර් 2,400 ක් දිග දෙරටේ දේශසීමාව ලෝකයේ වැඩිම ත්‍රස්ත ක්‍රියාකාරකම් පවතින කලාපයක් ලෙස ද පිළිගනු ලබනවා....
පකිස්ථානයට එරෙහිව පාර්ශව කිහිපයක් අන්තර්ජාතික අධිකරණයට
ලෝකය වටා

පකිස්ථානයට එරෙහිව පාර්ශව කිහිපයක් අන්තර්ජාතික අධිකරණයට

ඉන්දියාව, බංග්ලාදේශය. පාකිස්තානය. බලුකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ජන සංහාර සිදුකළ බවට චෝදනා කරමින් පාකිස්තානයට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ නඩු පවරන්නැයි ජම්මු හා කාශ්මීර එක්සත් පදනම ඉල්ලීමක් කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්කු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, මාධ්‍යවේදී ෆ්‍රැන්කොයිස් ගෝටියර් හා බංග්ලාදේශ , ඉන්දීය හා ඇෆ්ගනිස්ථාන නියෝජිතයන් පිරිසක් විසින් මෙම ඒකාබද්ධ ඉල්ලීම සිදුකර ඇති බවයි. ආගමික වශයෙන් බලහත්කාරය පෑම හා දේශසීමා ආශ්‍රිත ත්‍රස්තවාදී චෝදනා මුල් කර ගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මෙවන් පැමිණිල්ලක් නිල වශයෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් වී නොමැති බවයි පකිස්ථාන මාධ්‍ය පවසන්නේ. මෙය තම රටට එරෙහි සැලසුම් සහගත මෙහෙයුමක් බවද පකිස්ථාන මාධ්‍ය පෙන්වා දී තිබෙනවා....