බටහිර ජැටිය භාරගන්න ඉන්දියාව කැමැත්තෙන්
කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකොට සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය නිල වශයෙන් සිය කැමැත්ත ශ්රී ලංකාවට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග කියයි.
ශ්රී ලංකාවට මෙම පණිවුඩය ඉන්දීය රජය වෙනුවෙන් ලබා දී ඇත්තේ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා විසින් බව තානාපති අංශ වැඩිදුරටත් පවසයි.
ඉන්දියාව බටහිර ජැටිය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට එකඟ වී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි නැගෙනහිර ජැටියට විකල්ප වශයෙනි.
ඉන්දියාවේ ‘අදානි’ සමාගම සහ ඔවුන්ගේ දේශීය හවුල්කරු වන (ජෝන් කීල්ස්) සමාගම ද මේ සඳහා දැනටමත් සිය අනුමැතිය පළ කොට තිබේ. ඉන්දීය රජයේ විදේශීය ආයෝජන හවුල්කරු වන ජපානය සමඟ ද දැන් මේ ගැන ඉන්දියාව සාකච්ඡාවක් ආරම්භ කර ඇත. එය ඵලදායී ලෙස අවසන් වනු ඇති බවද තානාපති අංශ කියයි.
නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබාදීමට තමන්ගේ විරෝධයක් නැතැයි වරාය වෘත්තීය සංගම් මෙන්ම නැගෙනහිර ජැටිය රැකගන්නට සටන් ...