රිෂාඩ් බදුයුදීන්ගේ විල්පත්තු දඩය රුපියල් කෝටි 107 යි
විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ හානියට පත් වනාන්තර වෙනුවට වනාන්තර නැවත වැවීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට රුපියල් කෝටි 107.5ක් ගෙවන ලෙසට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. එම නිර්දේශ පසුගියදා නීතිපතිවරයාට සහ හිටපු අමාත්‍ය බදියුදීන් වෙත යොමු කර ඇත.
මේ ගැන අප සමඟ අදහස් දැක්වූ නඩුව පැවරෑ පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ: නැවත වනාන්තර වගා කිරීමට මිලියන 1076ක් ගෙවන්න යැයි නියම කර තිබෙනවා. නඩු තීන්දුව ප්‍රකාරව එම ඇස්තමේන්තුව ලැබී මාසයක් තුළ රජයට ගෙවිය යුතුයි. අපට නම් මෙම ඇස්තමේන්තු වාර්තා කිසිවක් එවලා නෑ. ආරංචි ලෙස ඔවුන් අභියාචනයක් ගොනු කර තිබෙනවා. එහෙම වුණොත් අපිත් එම අභියාචනයට මුහුණදීමට සූදානම්. අපි විශ්වාස කරනවා නීතියේ සාධාරණය ඉටුවේවි කියලා.
වනාන්තර නැවත සිටුවීම ලේසි වැඩක් නොවෙයි. කාලයක් තිස්සේ නිර්මාණය වූ වනාන්තරනෙ මේ කපා දාලා තිබෙන්නේ....