Tag: බදුයුදීන්

පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව සදහන්. එසේම අදාළ ප්‍රහාරය සඳහා සම්බන්ධ පුද්ගලයකු පවත්වාගෙන ගිය තඹ කම්හලක් සඳහා ඉවත දමන පතුරම් ලබාදීමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතා පිළිබද අල්ලස් චෝදනා විමර්ෂණයක් සිදුකිරීමට ද නිර්දේශ ලබාදී ඇතැයි සදහන්....