Tag: බ්‍රිතාන්‍ය

අත්අඩංගුවට ගත් තම පුරවැසියෙක් මුදා හරින්නැයි බ්‍රිතාන්‍ය පකිස්ථානයෙන් ඉල්ලයි
ලෝකය වටා

අත්අඩංගුවට ගත් තම පුරවැසියෙක් මුදා හරින්නැයි බ්‍රිතාන්‍ය පකිස්ථානයෙන් ඉල්ලයි

බ්‍රිතාන්‍ය-පාකිස්තාන ක්‍රියාකාරිකයෙකු වන යූසාෆ් අලි ඛාන් පාකිස්තානයේ දී දේශද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ බ්‍රිතාන්‍යයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පකිස්ථාන හමුදාවට එරෙහි ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා මතයි. ඔහු සිය පවුලේ ඥාතියකුගේ අවමංගල උත්සවයක් වෙනුවෙන් පකිස්ථානයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද බී බී සී පුවත් සේවය වාර්තා කළා. පකිස්ථාන හමුදා මානව හිමිකම් කඩ කරන බවට ඔහු චෝදනා එල්ල කර තිබූ අතර ,ත්‍රස්තවාදයට සහාය දක්වන බවටයි තවත් චෝදනාවක් එල්ල කර තිබුනේ. මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පල කරන බවත් ඔහු වමා මුදා හරින ලෙසත් බ්‍රිතාන්‍යය ඉල්ලීමක් සිදුකර තිඛෙනවා....
බයිඩන්, බොරිස් එකම මතයක
ලෝකය වටා

බයිඩන්, බොරිස් එකම මතයක

කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබද සැබෑ දත්ත හෙළිකරන්නැයි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් චීනයට සිදුකළ දැනුම්දීමට බ්‍රිතාන්‍ය සහාය පළ කර තිඛෙනවා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ බව සදහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ වාර්තාව පිළිබද මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකරමින්. වසංගතයේ ආරම්භය පිළිබද සත්‍ය තොරතුරු ලබා නොදුන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට චෝදනා කර තිබුණා. එහි දැක්වුණේ වසංගතය ආරම්භයේදී චීනය ලබාදුන් දත්ත නිවැරදි නොවන බවයි. එසේම පළමු ආසාදිතයන් 174 දෙනා පිළිබද වාර්තා ලබාදීමද චීනය ප්‍රතික්ෂේප කළ බව පර්යේෂකයන් අනාවරණ කලා. ඒ අනුව වෛරසය ව්‍යාප්තියේ ආරම්භක අවධිය පිළිබද ලෝකයට හෙළිකරන ලෙසයි අමෙරිකානු හා බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන් චීනයෙන් ඉල්ලා ඇත්තේ....