Tag: බ්‍රිතාන්‍යය

මහ රැජිනගේ ළගම නෑයෙකුට මාස 10ක සිර දඩුවමක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මහ රැජිනගේ ළගම නෑයෙකුට මාස 10ක සිර දඩුවමක්

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රුජිනගේ සමීපතම ඥාතියකුට එරට අධිකරණය විසින් මාස 10ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවකට වරදකරුවීම මතයි. මෙසේ දඩුවම් නියමවී තිබුණේ , ස්කොට්ලන්තයේ හී අර්ල්වරයා වන සයිමොන් ලියොන්ගේ 34 හැවිරිදි පුත්‍රයාටයි. සැකකරු නඩු විභාගය ආරම්භයේදී චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණ ද පසුව වරද පිළිගෙන සමාව ඇයද තිබුණා. අරල්වරයාගේ මාළිගාවට පැමිණ සිටියදී අදාළ කාන්තාව මෙම හිරිහැරයට ලක්ව තිබූ අතර පසුව ඇය එම ස්ථානයෙන් පලා ගොස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. සිද්ධියේ වරදකරුගේ පියා හා දෙවන එළිසෙබත් මහ රැජිනගේ මවගේ පාර්ශවයේ සමීප රෑාතියකු බවයි බී බී සී වාර්තා කළේ.රාජකීය ඥාතීත්වයක් පැවතියද සමාව ලබාදීමට නොහැකි වරදක් චූදිතයා විසින් සිදුකර ඇති බව පවසමින් මෙම දඩුවම් නිම කර තිබුණා.  ...
බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට සංචාරක තහනම ඉවරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට සංචාරක තහනම ඉවරයි

කොවිඩ් 19 නව වෛරස් ප්‍රබේධයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තිබූ සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කිරීමට නියමිතයි.
ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට බ්‍රිතාන්‍යයේ සහාය
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවට සහාය පළකරන බව බ්‍රිතාන්‍යය පවසනවා. ජිනීවා හී එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ඩූලියන් බේ්‍රත්වෙයිට් මේ බව තහවුරු කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එම පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
ආදාහන,භූමදාන ගැටළුවත් ජීනිවා යයි
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආදාහන,භූමදාන ගැටළුවත් ජීනිවා යයි

මෙරට මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තම කනස්සල්ල පලවන බව බ්‍රිතාන්‍යය පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සාරා හූල්ටන් පැවසුවේ කොරෝනා ආසාදිත ආදාහනය සම්බන්ධ ගැටළුවද ඊට හේතුවක් බවයි.එම තත්ත්වයන් පිළිබද ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් වන බවද ඇය පැවසුවා. UK raising human rights concerns with Sri Lanka, including forced cremation of #COVID19 victims. UN report to be published next week, will inform the approach to @UN_HRC — Sarah Hulton OBE (@SarahHultonFCDO) January 24, 2021 ...