Tag: බිලියන

පැය 24ක් තුල යළිත්, ඊලොන් මස්ක් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වෙයි
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

පැය 24ක් තුල යළිත්, ඊලොන් මස්ක් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වෙයි

බ්ලූම්බර්ග්ගේ බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ජෙෆ් බෙසෝස් පරදා යලිත් වරක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලොන් මස්ක් සමත්ව තිබෙනවා. ඒ ඔහුගේ ස්පේස් එක්ස් සමාගමට නව ආයෝජනයක් හිමිවීම සමගයි. ඒ අනුව දිනක් තුල ඩොලර් බිලියන 11කින් වත්කම ඉහළයාම සමග ඊලොන් මස්ක් යලිත් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වුණා. පෙරේදා දිනයේදී ඊලෝන් මස්ක් ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන තැනට ඇද වැටුණේ ටෙස්ලා කොටස් මිල සියයට 2කින් පහත යාම සමගයි. කෙසේ වෙතත් අද දිනයේදී යළිත් වත්කම ඉහළයාම සමග ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ක් බවට පත්වුණා. ජෙෆ් බෙසෝස් ගේ වත්කම අද සටහන් වූයේ ඩොලර් බිලියන 194 ක් ලෙසයි. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස් තුන් වන තැන පසුවන අතර ,එල්වීඑම්එච් හි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් සහ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ඉදිරි පෙල ලයිස්තුවේ අනෙක් ධනවතුන් වනවා....