Tag: බුදු පිළිම

නිවැරදි බුදු පිළිම කලාව කියා දෙන්න කෘතියක්
මතවාද

නිවැරදි බුදු පිළිම කලාව කියා දෙන්න කෘතියක්

ජවහර්ලාල් නේරු තුමා ලංකාවට පැමිණි අවස්ථාවක අනුරාධපුරයේ කළ සංචාරයකදී සමාධි බුදු පිළිමය දෙස බලා, වශීකෘත වී සිටි සිද්ධියක් අපි අසා ඇත්තෙමු. එතුමා සමාධි බුද්ධ ප්‍රතිමාව දෙස ඇසි පිය නොහෙළා බලා සිටියේ එයින් උතුරා හැළෙන මහා කරුණාව, මෛත්‍රිය, දයාව යන ගුණ සමුදාය තුළින් ජීවමාන බුදුන් නිරූපණය වන නිසාය. “මේ තරම් සියුමැලි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා - මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා” යනුවෙන් රජීව් වෙල්ගම පබැඳු ගීතයක ද සඳහන් වී තිබෙන්නේ ඈත අතීතයේ බුදු පිළිම නිර්මාණය කළ මිනිසුන් සියුමැලි අන්දමින් බුදු පිළිම නෙළීමට මනා නිපුණත්වයක් පෙන්වූ නිසාය. සමාධි බුදු පිළිමය, අවුකන බුදු පිළිමය, තිවංක බුදු පිළිමය, ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය, වැවුරුකන්නල බුදු පිළිමය ආදි වශයෙන් ලංකාවේ ප්‍රකට බුදුපිළිම රාශියක් තිබේ. එහෙත් වර්තමානයේ බුද්ධ ප්‍රතිමා හන්දියක් හන්දියක් ගාණේ පිහිටා ඇති අයුරු දැකගත හැකිය. ඊ...