Tag: බෝන් එගේන්

“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්
ක්‍රීඩා, මතවාද, වැඩියෙන් නැරඹූ

“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්

යම් ආගමික කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හසුරුවන බවට එල්ලවන ප්‍රචාරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ඊට අදාළව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයයි. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක්...