Tag: බෝයිං 777

බෝයිං 777 යානයක එන්ජිමක් අහසේදී ගිනිගත් දර්ශන නිකුත් කරයි – Video
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

බෝයිං 777 යානයක එන්ජිමක් අහසේදී ගිනිගත් දර්ශන නිකුත් කරයි – Video

මගීන් 200ක් සහිතව පියාසර කරමින් පැවති බෝයිං 777 යානයක එන්ජිමක් අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ දී ගිනි ගැනීමේ සිද්ධියට අදාළ දර්ශන නිකුත් කර තිබෙනවා. එම දර්ශන යානයේ මගීන් විසින්ම ලබාගෙන තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් දැඩි අවදානමක් මැද යානය සුරක්ෂිතව ගොඩ බැස්වීමට නියමුවන් සමත්ව තිබුණා.
බෝයිං 777 යානයටත් අසුබ කාලයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

බෝයිං 777 යානයටත් අසුබ කාලයක්

බෝයිං 777 මගී ජෙට් යානා තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් , අවධානය යොමු කිරීමට අමෙරිකානු ගුවන් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ මගීන් 200ක් සහිතව පියාවර කළ බෝයිං 777 -200 යානයක එන්ජිම ගුවනේදී ගිනි ගෙන යානයේ කොටස් කිහිපයක් පොළවට පතිතවීම සමගයි. ඒ අනුව බෝයිං 777 යානා රැසකම එන්ජින් මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. බොහෝවිට යානා කිහිපයක් හෝ පියාසර කිරීමෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවද අමෙරිකානු ගුවන් ආරක්ෂණ පරිපාලනය හෙළිකර තිබුණා. කොලරාඩෝ ප්‍රාන්තයේදී මෙම යානයේ එන්ජිම ගිනි ගැනීම වාර්තාවූ අතර ආරක්ෂිතව යානය ගොඩබැස්වීමට නියමුවන් සමත්වුණා. මීට පෙරද බෝයිං 737 මැක්ස් යානා අනතුරට පත්වීම සමග බෝයිං සමාගම මෙවන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා තිබුණා ...