Tag: භූමදානය

කොරෝනා මරණ භූමදානයට තාක්ෂණික කමිටුව නිර්දේශ දී ඇත්තේ දෙසැම්බර් මාසයේ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා මරණ භූමදානයට තාක්ෂණික කමිටුව නිර්දේශ දී ඇත්තේ දෙසැම්බර් මාසයේ

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමාදනය යන ක්‍රමවේද දෙක සඳහාම අනුමැතිය ලබාදෙමින් නිර්දේශ ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිනිය පවසනවා. එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය හිරු නාලිකාවට අදහස් දක්වමින් මේ බව කියා සිටියා. පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව ටසෟඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන් බවයි සභාපතිනිය පැවසුවේ. භූමදානය කරන්නේ නම්, ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම් භූමදානය පැය 24ක් තුල කළ යුතුය පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහ...
කොරෝනා දේහ භූමදානයට ඉඩ දීම සතුටක් / අමෙරිකාව කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්

කොරෝනා දේහ භූමදානයට ඉඩ දීම සතුටක් / අමෙරිකාව කියයි

කොරෝනා ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනය නතරකර භූමදානයට ඉඩදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය ප්‍රසාදය පල කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි තානාපති ඇලන් බී. ටෙප්ලිස් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.
කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර / අගමැති කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර / අගමැති කියයි

කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ  එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින්. ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියා....