Tag: භූ කම්පන

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්

නවසීලන්තයේ හටගත් ඒකක 7.4 ක ප්‍රබල භූ කම්පනයෙන් පසු තවත් පසු අද තවත් පසු කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ඒකක 6.4 ක භු චලනයක් අද දිනයේ වාර්තා වී තිබුණා. මෙමගින් කවර මට්ටමේ හානියක් සිදුව ඇත්දැයි මෙතෙක් අනාවරණවී නැහැ. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රබල පසුකම්පන තත්ත්වයන් මතුවිය හැකි බවයි නවසීලන්ත භූ විද්‍යාඥයන් පවසන්නේ. පෙරේදා රාත්‍රියේ හටගත් ප්‍රබල භූ චලනය සමග සුළු මට්ටමේ උදම් රළ ගැලීමක්ද එරටින් වාර්තා වුණා....
පානමට ඔබ්බෙන් මුහුදේ තවත් භූ චලන හටගත හැකියි / භූ විද්‍යාඥයන් කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පානමට ඔබ්බෙන් මුහුදේ තවත් භූ චලන හටගත හැකියි / භූ විද්‍යාඥයන් කියයි

පානමට ඔබ්බෙන් වූ මුහුද ආශ්‍රිතව තවත් සුළු භූ කම්පන සිදුවිය හැකි බව භූ විද්‍යාඥයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ, කෙසේ වෙතත් විශාල කම්පන සිදුවනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. පානමට ඔබ්බෙන් වූ මුහුදේ ඊයේ පෙරවරුවේ භූ චලනයක් හට ගත්තා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, එහි ප්‍රභලත්වය ඒකක 4 ක් ලෙස සටහන්ව ඇති බවයි. එම භූ චලනය මෙරට භූ කම්පන මාන පිහිටි පල්ලේකැලේ, හක්මණ ඇතුළු මධ්‍යස්ථාන 4 ක සටහන්ව තිබුණා. භූචලනය සිදුව ඇත්තේ, පානම ප්‍රදේශයට කිලෝමීටර් 26.6 ක් දකුණු දෙසින් හා කුඹුක්කන් ඔය මෝය අසළ සිට කිලෝමීටර් 14.7 ක් නැගෙනහිර දෙසින්. මේ අතර පසුගිය මාස කිහිපය පුරා දිවයින ආශ්‍රිතව භූ කම්පන කිහිපයක් වාර්තාවුණා. ඉන් භූ කම්පන 5 ක්ම වාර්තා වූයේ, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවලින්....