Tag: මන්ත්‍රී

කොරෝනා හැදුණු මැති ඇමතිවරුන් කියන කතා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා හැදුණු මැති ඇමතිවරුන් කියන කතා

කොරෝනා වෛරසය වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 7 ක් බවට මේ වන විට පත්ව තිබෙනවා.මේ වෛරසය ආසාදිතවූ මැති ඇමතිවරුන් අරුණ පුවත්පතට තම අත්දැකීම් හෙළිකර තිබූ ආකාරයයි. ලංකාවට කොරෝනා ඇවිත් ගිය සතියට හරියටම අවුරුද්දකි. එම වයිරසය මුලින්ම වැලඳුණේ ලංකාවේ සංචාරයට පැමිණි චීන කතකටය. ඉක්බිතිව ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නකුටත් රෝගය හැදුණේය. එතැන් සිට කොරෝනා පළමු රැල්ල රට පුරා රවුම් ගැසුවත් ඊට ගොදුරු වූවේ සාමාන්‍ය ජනතාවය. එනමුත් කොරෝනා දෙවැනි රැල්ල දුප්පතාටද, පොහොසතාටද, ආණ්ඩුවේ කන්තෝරුවේ රාජකාරි කරන සේවකයාටද පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ආදී උස් පහත් භේදයක් නැතිව පැතිරී ගියේය. දැන් දෙසතියක සිට මුළු රටම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වැලඳීම ගැනය. මුලින්ම කොරෝනා හැදුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට. ඊළඟට ඇමැති ආරක්ෂකයන්ටය. අන්තිමේදී මැති ඇමැතිවරුන්ටත් කොරෝනා හැදුණේය. කොරෝනා මුලින්ම හැදුණ...
රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රන්ජන්ගේ මන්ත්‍රී ආසනය ගැන අවසන් තීන්දුව පෙබරවාරි 9

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා. කතානායකවරයා සඳහන් කළේල එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවල ලබා දී ඇති තීන්දු අධ්‍යනය කර තීන්දුවක් ලබාදීමට නියමිතයි. මේ වනවිට රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4 ක සිර දඬුවම් විදිමින් පවතිනවා....