Tag: මහකොමසාරිස්

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොරෝනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොරෝනා

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා. මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හදුනාගත් බවයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. කොරෝනා ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිඛෙනවා. එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගගෙන ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්....