Tag: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

ඉදිරියේ දී තත්ත්වය භයානක මට්ටමකට / සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉදිරියේ දී තත්ත්වය භයානක මට්ටමකට / සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

 මේ මොහොතේ නිවැරදිව ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරි මාසයක කාලය තුළ සම්පූර්ණයෙන්ම රට අඩපණ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඔහු පැවසුවේ දැනට තිබෙන තත්ත්වය ඉතාම භයානක තත්වයක් බව බිම් මට්ටමේ සිටින නිලධාරීන් ලෙස තම නිලධාරීන්ට පැවසිය හැකි බවයි. එනිසා වෛරස් ප්‍රභේදය හැසිරීම කෙලෙස දැයි නිශ්චිත අදහසකට එනතුරු රටට යම් මට්ටමක සංචාරක සීමා පනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා. එමෙන්ම නව වෛරස් ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය උත්සව පැවැත්වීමට දවස ලබා නොදෙන බවද ඔහු අවධාරණය කළා. දැනට අවසර දෙන්නේ සීමිත පිරිසක් සමග සම්බන්ධ වන විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් යැයිද පැවසූ ඔහු මේවා හැරුණු කොට වෙනත් කිසිම උත්සවයකට අවසර ලබා නොදෙන බව ද එවන් උත්සව සඳහා අවසර පැතීමට තම නිලධාරීන් හමුවීමට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටිය...
ඉදිරි සති කිහිපය වඩාත් බරපතලයි / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉදිරි සති කිහිපය වඩාත් බරපතලයි / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත කොරෝනා ආසාදිතයන් හා මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා. ඔහු පැවසුවේ කොරෝනා අවදානම අවම බවට හැඟීමකින් ජනතාව කටයුතු කරන බැවින් අවදානම වඩාත් බරපතල විය හැකි බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසය හා සළකා බැලීමේදී ජනතාව වඩාත් නිදහසේ කටයුතු කරන අතර කොරෝනා අවදානම නොතකා හරිමින් ඇතැයි ද ඔහු පැවසුවා. මෙම තර්ජනය බරපතල මට්ටමට පත්වීම වැළැක්වීම සඳහා එළඹෙන දිගු සති අන්ත සහ නිවාඩු දිනවල අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ....
කොරෝනා පාලනය කළ නොහැකි මට්ටමක / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා පාලනය කළ නොහැකි මට්ටමක / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

බස්නාහිරින් පිට පළාත් සඳහා පිටවන පුද්ගලයන්ට සිදුකරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාවලිය මේ වන විට එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන බව ශ්‍රී ලංකා මහජන ​සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. සභාපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය මේ වන විට බස්නාහිර පළාතින් බැහැරටද දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවයි. එම නිසා මේ මොහොතේදී කළ යුත්තේ පිට පළාත්වලින් බස්නාහිරට ඇතුළු වන පුද්ගලයන්ගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ආරම්භ කිරීම බවද ඔහු පැවසුවා. එමෙන්ම කොවිඩ් වයිරසය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් මහජනතාව සහ විවිධ ආයතන විසින් කොවිඩ් සෞඛ්‍ය මාර්​ගෝපදේශ අනුගමනය නොකිරීම ඊට හේතුව බවත් සභාපතිවරයා අවධාරණය කළා....