Tag: මහියංගනය

ඊයේ වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් – 187 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් – 187 යි

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. ආසාදිතයන් 214ක් කොළඹින් වාර්තා වූ අතර කොලොන්නාවෙන් 37 ක්, මිරිහානෙන් 31ක් වැල්ලම්පිටියෙන් 23ක් ලෙස ආසාදිතයන් හමුව තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 208 ක්. රාගමින් 30ක් , කඩවතින් හා කැළණියෙන් 22ක් බැගින් ආසාදිතයන් ඊට ඇතු-ලත්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 187 ක් හමුවූ අත එම සියළු ආසාදිතයන් මහියංගනයෙන් වාර්තා වුණා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 50ක් , කළුතරින් 47 ක් හා කුරුණෑගලින් ආසාදිතයන් 40ක් බැගින් හදුනාගෙන තිබෙනවා. ...
ඇගළුම් කම්හල් 2ක 284 කට කොරෝනා / මහියංගනයේ 1000 ක් නිරෝධායනයේ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇගළුම් කම්හල් 2ක 284 කට කොරෝනා / මහියංගනයේ 1000 ක් නිරෝධායනයේ

මහියංගණය ප්‍රදේශයේ පුද්ගලයන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ ආසන්න දිනවල ඇගළුම් කම්හල් දෙකකින් ආසාදිතයන් 284 ක් වාර්තාවීම සමගයි. මහියංගණය, හසලක, රිදීමාලියද්ද සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පිරිස් මෙලෙස නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ. පවතින තත්වය පිළිබඳව මහියංගණය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත තොරතුරු වාර්තාකර තිබෙනවා. එමඟින් ඉල්ලා ඇත්තේ දැනට පවතින තත්වය සැළකිල්ලට ගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා හුදකලා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි....
ඊයේ (05 ) වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් හා හසලකින්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ (05 ) වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් හා හසලකින්

ගතවූ දිනය තුල කොරෝනා ආසාදිතයන් 735 ක් මෙරටින් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 158 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. නාරාහේන්පිටින් ආසාදිතයන් 16 ක් කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයන් 14 ක් ද ඒ අතරට ඇතුලත්. ඊයේ දිනයේ බදුල්ලෙන් ආසාදිතයන් 105 ක් වාර්තා වූ අතර මහියංගනයෙන් ආසාදිතයන් 54ක් හා හසලකින් ආසාදිතයන් 30 ක් හදුනා ගැණුනා. ගතවූ දිනය තුල මහනුවරින් හමුවූ ආසාදිතයන් ගණන 94 ක්. මහනුවර නගරයෙන් 29 ක් කටුගස්තොටින් 20 ක් ඊට අයත්. කළුතර දි්ත්‍රික්කයේ ආසාදිතයන් 88 න් 21ක් ම බදුරලියෙන් හදුනා ගැණුනා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 79 ක්. ඉන් 21 ක් වාර්තා වූයේ අඹන්පොලින්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 57 ක් හා ගාල්ලෙන් 38 ක් වාර්තා වූ අතර හම්බන්තොට අඟුණුකොළපැලැස්සෙන් ආසාදිතයන් 27ක් හදුනා ගැණුනා. ...