Tag: මානව හිමිකම්

ජිනීවා හීදී චීනයටත් මිෂෙල් බැචෙලෙට්ගෙන් මානව හිමිකම් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ජිනීවා හීදී චීනයටත් මිෂෙල් බැචෙලෙට්ගෙන් මානව හිමිකම් චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී චීනයට ද දැඩි චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුව සින්ජියැන් හි උයිගර් මුස්ලිම්වරුන්ට සහ හොංකොං වැසියන්ට ජාතික ආරක්ෂක නීතිය යටතේ මර්දනයන් එල්ල කරමින් සිටින බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් ප්‍රකාශ කළේ. චීනය මූලික සිවිල් අයිතිවාසිකම් මර්දනය කරමින් ජාතික ආරක්ෂාව තර කිරීමේ උත්සාහයක නිරත වන බවටයි මානව හිමිකම් සැසිවාරය හමුවේදී අවධාරණය කර ඇත්තේ. ඒ චීනයට අදාළව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවකට අනුවයි. චීනයේ සමාජ ක්‍රියාකාරීන්, නීතීඥයන් සහ මානව හිමිකම් පිළිබද උනන්දුවන්නන් මෙන්ම විදේශීය ජාතිකයන් පවා අත්තනෝමතික අපරාධ චෝදනා මත රඳවා තබා ගැනීම හෝ අසාධාරණ නඩු පැවරීම් සිදුව ඇතැයි ද කොමසාරිස්වරාය චෝදනා කරනවා. කෙසේ වෙතත් චීනය පවසන්නේ මෙම චෝදනා දේශපාලනික වන අතර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හා නිර්දේශ බැහැර කරන බවයි....
ලංකාවට බලපෑම් කිරීම වැරදියි/ චීනය මානව හිමිකම් සැසිවාරයේදී කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට බලපෑම් කිරීම වැරදියි/ චීනය මානව හිමිකම් සැසිවාරයේදී කියයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කර ඇති යෝජනා මගින් මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තරයේ අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය හෙලිවන බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අදාළව ප්‍රතිචාර දක්වමින් චීනයේ නියෝජිත චෙන් සූ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ සමීප හා මිතුරු රටක් ලෙස , මෙරට එක්සත් භාවය හා ජන කොටස් අතර සමානතාවයක් ආර්ථික හා සමාජ සංවර්ධනයත් චීනය විසින් අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දුන්නේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය එහි මූලික ප්‍රතිපත්තිවලට ගරු කරමින් ,ඳ දේශපාලනික වෙන් කිරීමකින් හා තෝරා ගැනීමකින් තොරව සෑම රටකම ස්වාධීනත්වයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද චීනය අවධාරණය කළා. ඒ අනු...
ලංකාවට සම්බාධක දාන්න හදන්න එපා / බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට සම්බාධක දාන්න හදන්න එපා / බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක්

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ චෝදනා හා ආර්ථික සම්බාධක සීමා දැමීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති යෝජනාවන්ට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වුණා. කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැති අතර එහිදී ලංකාවේ ස්වාධීනත්වයට බාධා කිරීමෙන් වළකින්නැයි ඉල්ලා සංදේශයක්ද භාරදී තිබෙනවා. ...
ජිනීවා සැසිවාරයේදී ලංකාව වෙනුවෙන් රටවල් 18ක් / නවතම වාර්තා හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සැසිවාරයේදී ලංකාව වෙනුවෙන් රටවල් 18ක් / නවතම වාර්තා හෙළිකරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රටවල් 18 ක් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සෘජුවම ඉදිරිපත්ව ඇතැයි ,තොරතුරු අනාවරණවී තිබෙනවා. ඒ අනුව සැසිවාරය තුල ශ්‍රී ලංකාවට පක්ෂව එම රටවල් අදහස් දැක්වීමට නියමිත බවද අදාළ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණ කළා. මානව හිමිකම් සහ වගවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කර ගැනීමට ප්‍රධාන රටවල් සමූහය ගත් උත්සාහය වලක්වා ගැනීම සඳහා අදාළ රටවල සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ජා පවත්වා තිබුණා. ඒ අනුව රටවල් 51 කට මීට අදාළ ලිපි යොමුකර තිබූ බවද එම වාර්තාවල සදහන්. කෙසේ වෙතත්, ඉන්දියාව තවමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති අතර ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත පැවසුවේ ඉන්දියාව ලංකාවට එරෙහි කිසිදු පියවරකට නොයෑමේ ප්‍රතිපත්තියක පසුවන බවයි. එහෙත් එය ඉන්දීය රජයේ නිල ස්ථාවරය දැයි අනාවරණ කර නැහැ. ඉන්දියාව සමඟ ඒකාබද්ධව කොළඹ...
විදේශ ඇමති ජිනීවා අමතයි / ලංකාවේ ප්‍රතිචාරය මෙන්න  – සිංහල – Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

විදේශ ඇමති ජිනීවා අමතයි / ලංකාවේ ප්‍රතිචාරය මෙන්න – සිංහල – Video

මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවලින් අද ඉල්ලීමක් කළා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතමින්. සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ. 2. දශක තුනක් තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේවීරෝදාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රා...
ජිනීවා සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලංකාවට / ඉන්දීය මාධ්‍ය හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලංකාවට / ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි නොවීමේ සූදානමක පසුවන බව ඉන්දියාවේ ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත වාර්තාකර තිබෙනවා. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පවසන්නේ ,එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් රටක ස්වාධීනත්වයට බලපෑම් නොකළ යුතුය යන ස්ථාවරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැරීමට මෙවර ඉන්දියාව තීරණය කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි පියවරට සහයෝගය දෙන ලෙස ඩී.එම්.කේ නායක එම්.කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේපවී ඇතැයි ද මෙම වාර්තාව අනාවරණ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් හටගත් මතභේදකාරී තත්ත්වය නොසලකා ඉන්දියාව මෙම තීරණයට එළඹ ඇති බවද ඩෙකෑන් හැරල්ඩ් වාර්තා කළා. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ එකඟතාවය බිද දැමීමට චීනය ක්‍රියාත්මක වූ බව ඉන්දියා...
ජගත් මානව හිමිකම් විශේෂඥයින්ගෙන් ලංකාවට ඉල්ලීමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජගත් මානව හිමිකම් විශේෂඥයින්ගෙන් ලංකාවට ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යළි පසුපසට ගෙන යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය සමයේ ඒ පිළිබද යම් වර්ධනයක් තිබුණ ද එහි ගැටළුකාරී තත්ත්වයන් පවතින බවයි වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. සිදුව ඇති බව කියන අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය ඉටුකිරීම සහ ජාතීන් අතර එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නැයි ද මෙමගින් යෝජනා කර තිබුණා. 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ඇගයීම් වාර්තාව අද නිකුත් කෙරුණා. මීට අදාළ සොයා බැලීම් වර්ධනය කළ යුතු බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට මෙමගින් යෝජනා කර ඇත්තේ....
ජීනීවා චෝදනාවලට අවශ්‍ය වෙලාවට ප්‍රතිචාර දෙනවා / රජයෙන් ප්‍රකාශයක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ජීනීවා චෝදනාවලට අවශ්‍ය වෙලාවට ප්‍රතිචාර දෙනවා / රජයෙන් ප්‍රකාශයක්

මානව හිමිකම් කඩ කළ බවට  ශ්‍රි ලංකාවට එල්ල කරන චෝදනාවලට ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මහතා පවසනවා. අද (02) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හුමවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2010 හා 2015 යුගයේ මුලික වශයෙන් යුද අපරාධ ස්මබන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එවකට අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිළි ව ඉදිරිපත් කළා.ඉන් අපි අතර එකඟතා ගණනාවක් ඇතිවුණත්අ වාසනාවට 2015 ආණ්ඩු වෙනත් එක්ක එවකට සිටි විදේශ ඇමති විසින් 30/1 යන යෝජනාව සම අනුග්‍රහයත් සමඟ අපි වැරදි කළා යැයි යොජනාව ඉදිරිපත් කිරිමත් සමඟ ඇති වු ප්‍රතිඵලය තමයි තාමත් භුක්ති විදින්නේ. එවකට යහපාලන රජයේ සිටි තිලක් මාරපන ඇමතිවරයා තම කතාවේ දී ප්‍රකාශ කළේ, මෙම යොජනාව රටේ ව්‍යාවස්ථාවට පවා ...
ජිනීවා චෝදනාවලට ප්‍රති යෝජනා නොදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා චෝදනාවලට ප්‍රති යෝජනා නොදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී එල්ලවී ඇති චෝදනාවලට අදාළව ප්‍රති යෝජනාවක් කිරීමෙන් වැළකී ,ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගින් ඊට ප්‍රතිචාර දක්වන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඊට අදාළව එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියයි. අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ 2021/01/12 දින දරණ වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට රජය විසින් ප්‍රතිචාර දැක්වීම පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත්කොට ඇති වාර්තාව පිළිබඳව ජනවාරි 27 දින ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිතුරු බැඳීමට නියමිත විය. මේ වන විට ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රජය ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වා ඇත. එම ...
ලංකාවට එරෙහි ,ජගත් මානව හිමිකම් කොමසාරිස්ගේ සම්පූර්ණ චෝදනා පත්‍රය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට එරෙහි ,ජගත් මානව හිමිකම් කොමසාරිස්ගේ සම්පූර්ණ චෝදනා පත්‍රය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති සම්පූර්ණ චෝදනාවලට අද ජගත් සංවිධානය විසින් නිවේදනය කරනු ලැබුවා. එහිදී මානව හිමිකම් කඩවීම මෙන්ම එසේ චෝදනා ලද නිලධාරීන්ට තනතුරු ලබාදී ඇතැයි ද ලංකාවට එරෙහිව චෝදනා කර තිබෙනවා. මේ ජගත් සංවිධානය නිකුත් කළ සම්පූර්ණ ලේඛනයයි.
ලාංකිකයන්ට තහනමක් පනවන්න ජිනීවා වෙත යෝජනාවක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලාංකිකයන්ට තහනමක් පනවන්න ජිනීවා වෙත යෝජනාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙනවා. ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර තිබුණා. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට...
මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලා ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව වාර්තා වෙයි. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබේ....