Tag: මාස්ක්

හොදම මාස්ක් එක මොකක්ද? දැනගෙන පළදිමු…
මතවාද, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

හොදම මාස්ක් එක මොකක්ද? දැනගෙන පළදිමු…

ලොවටම තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපය අතර මුඛ ආවරණයට එහෙම නැත්නම් මාස්ක් එකට හිමිවෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. නාසය සහ මුඛය වැසෙන අයුරින් නිපදවා ඇති මුඛ ආවරණ නිවසෙන් බැහැරව මහමග ගමන්ගන්නා සැමට අනිවාර්යයෙන් පැළදිය යුතු අංගයක්. අද අපිට දක්නට ලැබෙන මුඛ ආවරණ විවිධාකාරයි.. විවිධ වර්ණයන්ගෙන් විවිධ ස්වරූපයෙන් සමාජයේ මිනිසුන්ගේ මුවෙහි දක්නට ලැබෙන මෙම මුඛ ආවරණ මහමග විවිධාකාරයෙන් අලෙවි වෙනවා. කඩවීදි දිගේ බස්රථ තුළ ලොතරැයි කූඩු අසල වෙළෙදුන්ගේ අත්ලට සිරවී අළෙවි වන මුඛ ආවරණ වල ප්‍රමිතිය සහ ඒවා කෙතරම් දුරට භාවිතයට සුදුසුද යන්න ඔබ මින්පෙර සිතා බැලුවාද? ඇතැමුන් මුඛ ආවරණ පළදින්නේ ඇදුමේ වර්ණයට ගැලපෙන විලාසිතාවක් වශයෙන්.. තවත් සමහරුන් මුඛ ආවරණ පළදින්නේ පොලීසියට බියෙන්. ඔබ බිය විය යුත්තේ නීතියටද? එසේත් නොමැති නම් ලෝකයටම ගැටලුවක්ව තිබ...