Tag: මැදිරි

චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් එන්ජින් රියදුරන් ඉවතට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්

චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් එන්ජින් රියදුරන් ඉවතට

චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු තම සංගමය එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා. “පසුගිය දා කැලණිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නුවර මහ මාර්ගය අසල ඇති පෑලියගොඩ ගුවන් පාලම අසලදී චීන මැදිරි සහිත දුම්රියක් දෙකඩ වෙනවා. ඕනම දුම්රියක් දෙකඩ වුණොත් එහෙම සාමන්‍යයෙන් 20m ක් පමණ දුරකට ධාවනය වෙලා දුම්රිය කොටස් දෙකම නවතින්න ඕනේ හදිසි තිරිංග ක්‍රියාත්මක වෙලා. නමුත් අපි දැක්කා මේ දුම්රිය නවතින්නේ නැතිව කිලෝමීටරයකට ආසන්න දුරක් නිදහසේ ගමන් කරලා ඉදිරිපස කොටසින් දුම්රිය එන්ජින් රියදුරු ඒ තිරිංග ක්‍රියාත්මක කළාට පස්සේ ඉදිරිපස කොටස නතර වෙනවා. ඊට පස්සේ දෙකඩ වෙච්ච දුම්රිය මැදිරි කොටස ඇවිත් අනෙක් කොටසේ වැදිලා තමයි නවතින්නේ. මේක විශාල අනතුරක්. මෙවැනි අවස්ථා ඕන තර...