මියන්මාර

  • Home
  • මියන්මාර අත්අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයන්ට නිදහස

මියන්මාර අත්අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයන්ට නිදහස

මියන්මාර අත්අඩංගුවේ පසුවන සියලු ලාංකික ධීවරයින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි මියන්මාර පාලනය දැනුම් දී තිබෙනවා. ධීවර අමාත්‍යාංශයේ ධීවර මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ , මියන්මාරයේ ශ්‍රී ලංකා…

මියන්මාරයේ චීනයට අයත් ඇඟලුම් කම්හලකට ගිනි තියයි

මියන්මාරයේ යැන්ගුන් හී චීන හිමිකම සහිත දැවැන්ත ඇඟලුම් කම්හලක් ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙය දින කිහිපයක් තුල එරට දී ගිනි තබා විනාශ කළ චීන හිමිකමක් හෝ සබදතාවයක් පවතින 40…

මියන්මාර හමුදාවෙන් ගම්මානයකට ගුවන් ප්‍රහාර / සිවිල් යුද්ධයක අවදානමක්

මියන්මාරයේ සිවිල් යුධ තත්ත්වයක් හටගැනීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ මියන්මාර පාලන බලය අල්ලාගෙන සිටින හමුදා විසින් එරට දේශසීමාව හා තායිලන්ත සීමාවේ පිහිටි ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සමගයි. එරට කැරලිකාර…

විරෝධතාකරුවන්ගේ හිසට වෙඩි තබනවා / මියන්මාරයේ කෲර හමුදා පාලනය නිවේදනය කරයි

මියන්මාරයේ හමුදා විරෝධී උද්ඝෝෂණ සිදුකරන්නන්ගේ හිසට වෙඩි තැබීමට එරට කෲර හමුදා පාලනය නියෝගක කර තිබෙනවා. මියන්මාරයේ එම් ආර් ටීවී හෙවත් මියන්මාර රාජ්‍ය රූපවාහිනී නාලිකාව හරහායි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.…

මියන්මාරයේ චීන විරෝධයක්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවයේ නිරත වන එරට ජනතාව චීන විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙම හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ බවට චෝදනා කරමිනුයි. ඒ අනුව මියන්මාරයේ ක්‍රියාත්මක චීන ව්‍යාපාර…

මියන්මාර විරෝධතාකරුවන්ගෙන් සුපිරි පලායාමක්

මියන්මාර ආරක්ෂක විසින් පැය කිහිපයක් පුරා කොටුකර ගෙන සිටි හමුදා කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් සිය ගණනක් එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මියන්මාර හමුදාව විසින් ,විරෝධතාකරුවන් රැදී සිටි ස්ථානයක් වටලා තිබූ…

මියන්මාර පොලිසිය අදත් වෙඩි තබයි / විරෝධතාකරුවන් තිදෙනකු මරුට

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර එරට පොලිසිය සිදුකළ වෙඩි තැබීම්වලින් අද තිදෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ විරෝධතා උත්සන්න වීම සමග එය මැඩපැවැත්වීම සඳහා මියන්මාර හමුදාව හා…

ඉන්දියාවට පලා ආ පොලිස් නිලධාරීන් යළි භාරදෙන්න / මියන්මාර හමුදා පාලනය ඉල්ලයි

තම රටේ සිට ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ආපසු භාර දෙන ලෙස මියන්මාර හමුදා පාලනය ඉන්දියාවට දැනුම්දී තිබෙනවා. මියන්මාර පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පසුගියදා ඉන්දියාවට පැමිණ ඇත්තේ…

මියන්මාරයේ විරෝධතාවලට වෙඩි ප්‍රහාරයක් / 6 දෙනෙකුට තුවාල

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවයකට යළිත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ , මියන්මාරයේ දෙවන විශාලතම නගරයේ දී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි. මෙහිදී තුවාල ලැබූ විරෝධතාකරුවන්…

මියන්මාර හමුදාව පළමු බිල්ල ගනී / විරෝධතාවලදී තරුණියක් මරුට

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර පළමු මරණය වාර්තාවී තිබෙනවා. ඒ පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාර පොලිසිය විරෝධතාකරුවන්ට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණියක් අද දිනයේ මරණයට පත්වීම සමගයි. 20 හැවිරිදි…

විරෝධතා කළොත් වසර 20ක් හිරේ / මියන්මාර හමුදා පාලනය කියයි

මියන්මාරයේ හමුදා විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව නව නීති හදුන්වාදීමට එරට හමුදා පාලනය පියවර ගෙන තිඛෙනවා. ඒ අනුව විරෝධතාවලට සම්බන්ධ වන්නන්ට වසර 20 ක සිර දඩුවමක් ලබාදෙන බවයි අද නිවේදනය කෙරුණේ. කෙසේ…

මියන්මාර විරෝධතා මර්දනයට යුධ ටැංකි මාර්ගවලට

මියන්මාරයේ රැදී සිටින සියළු අමෙරිකානුවන්ට අමෙරිකානු රජය විසින් හදිසි උපදෙස් මාලාවක් නිකුත් කර තිඛෙනවා. ඒ අනුව ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින ලෙසයි එම උපදෙස් මගින් දන්වා ඇත්තේ. මේ වන විට…

හමුදා පාලනයට එරෙහි සටනට මියන්මාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්වෙයි

මියන්මාරයේ හමුදා පාලනය ප්‍රතික්ෂේප කරමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300ක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධවෙමින් ඔවුන් මෙම එකඟතාවය නිවේදනය කළ බවයි මියන්මාර වාර්තා පවසන්නේ. ඒ අනුව මියන්මාර…

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර ජනතාව වීථි බසී

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට ජනතාව වීථි බැස තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ යැන්ගුන් ඇතුළු නගර කිහිපයක දීම එරට හමුදා පාලනයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක බවයි. හමුදා පාලනය පරාජය වී…

මියන්මාර හමුදා නිෂ්පාදන වර්ජනය කරමින් ජනතාව විරෝධයේ

මියන්මාර ජනතාව එරට නව හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා ආරම්භ කර තිබෙනවා. මියන්මාර හමුදාවට සම්බන්ධ සියළුම නිෂ්පාදන හා සේවා සමග සම්බන්ධ වීමෙන් වැලකී සිටින බවයි ජනතාව පවසන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම…

අහඹු ලෙස පටිගතවූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය – Video

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් අහඹු ලෙස පටිගතව තිබෙනවා. ඒ මියන්මාර කාන්තාවක් දිනපතා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යායාම වැඩසටහනක පසුබිමෙන් හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පළමු කණ්ඩායම එරට පාර්ලිමේන්තු සංකීරණයට ඇතුළුවීම…

චීනය වියට්නාම , මියන්මාර දේශසීමාවේ පවුරක් ඉදිකරයි

චීනය සිය ගිනිකොනදිග ආසියානු අසල්වැසි රටවල් වන වියට්නාමය සහ මියන්මාරය සමඟ පවතින දේශසීමාවල දේශසීමා ප්‍රාකාර ඉදිකරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. මෙය අර්බුධකාරී තත්ත්වයක් මතු කළ හැකි පියවරක් ලෙසයි…