Tag: මියන්මාරය

මියන්මාරයට අත දාන්න එපා / චීනය බටහිරට අනතුරු අඟවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයට අත දාන්න එපා / චීනය බටහිරට අනතුරු අඟවයි

මියන්මාරයේ අභ්‍යන්තර තත්ත්වයන්ට මැදිහත්වීමෙන් වළකින්නැයි චීන අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට දන්වා තිබෙනවා. ඒ මියන්මාර හමුදා කුමන්ත්‍රණය අත්හිටුවා වහාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන්නැයි අමෙරිකාව ඇතුලු රටවල් මියන්මාරයට බලපෑම් කිරීමෙන් පසුවයි. ඊට ප්‍රතිචාර දක්වන චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ, මියන්මාරයේ විශාලතම වෙළඳ හවුල්කරුවා සහ සමීප අසල්වැසියා වන චීනයෙන් මියන්මාරය දුරස් කිරීමට බටහිර රටවල් උත්සාහ දරන බවයි. මියන්මාරයේ පවතින්නේ අභ්‍යන්තර ගැටලුවක් බවත් එය ඔවුන් විසින්ම විසදා ගනු ඇති බවත් එමගින් පෙන්වා දී තිබුණා. මේ අතර මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිටද දින ගණනාවක් පුරා විරෝධතා ක්‍රියාත්මක අතර ඔවුන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනයට නොව මියන්මාර ජනතාවට සහාය දක්වන ලෙසයි. කෙසේ වෙතත් බාහිර මැදිහත්වීමකින් තොරව මියන්මාරය ගැටළු විසදා ගනු ඇති බවයි චීනය අවධාරණය කර ඇත්තේ....
විරෝධතා වහා නවතන්න /මියන්මාර හමුදා පාලකයා ජනතාවට අනතුරු අඟවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

විරෝධතා වහා නවතන්න /මියන්මාර හමුදා පාලකයා ජනතාවට අනතුරු අඟවයි

අඛණ්ඩව 6වන දිනටත් විරෝධයේ නිරත වන මියන්මාර විරෝධතාකරුවන්ට එරට හමුදා පාලකයා විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේ ,වහාම වැඩ වර්ජන හා විරෝධතා නවතා සේවා ස්ථානවලට වාර්තා නොකළහොත් දැඩි පියවර ගන්නා බවයි. විරෝධතාකරුවන්ගේ බාධා හේතුවෙන් ඇතැම් සිවිල් නිලධාරීන්ට පවා සිය රාජකාරි ඉටු කිරීමට බාධා මතුව ඇති බවද මියන්මාර හමුදා පාලනය පවසනවා. මියන්මාර මහ බැංකු සේවකයන් පවා වර්ජනයට එක්ව සිටින අතර ඔවුන් සේවාවල යෙදී සිටින පිරිස් ද විරෝධතා සඳහා එක්කර ගනිමින් පවතිනවා. මේ අතර සී එන් එන් වෙත අදහස් දක්වමින් විරෝධතාකරුවන් පැවසුවේ මෙම විරෝධතා සතියක් මාසයක් නොව හමුදා පාලනය යළි හරවන තෙක්ම සිදුකරන බවයි. මේ අතර අමෙරිකාව විසින් මියන්මාර හමුදාවට සම්බන්ධ ඩොලර් බිලියනයක මුදලක් අමෙරිකාවෙන් බැහැර කිරීම තහනම් කර තිබෙනවා. ඒ විධායක නියෝගයක් පනවමින්. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා ත...
මියන්මාරයේ විරෝධතාවලට හමුදාවෙන් තර්ජන / පොලිසියෙන් ජල ප්‍රහාර
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ විරෝධතාවලට හමුදාවෙන් තර්ජන / පොලිසියෙන් ජල ප්‍රහාර

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයකට එරෙහිව එරට ජනතාව සිදුකරන විරෝධතාවලට හා දැවැන්ත වැඩ වර්ජනයට එරෙහිව හමුදා පාලනය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව යැන්ගුන් හා විරෝධතා සිදුකරන දහස් සංඛ්‍යාත පිරිසක් ඉලක්ක කර ගනිමින් එරට පොලිසිය අධි පීඩන ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා. කෙසේ වෙතත් අනතුරු ඇඟවීම් හා බාධා මැද වුවද මියන්මාරය පුරා හමුදා විරෝධී විරෝධතා ක්‍රියාත්මකයි. අවුන් සාන් සූ කී නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත් ඔවුන් බලපෑම් කරමින් පවතිනවා. මේ අතර මහජන ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ලවුවහොත් දැඩි පියවර ගන්නා බවයි මියන්මාර රාජ්‍ය රූපවාහිනිය හරහා විරෝධතාකරුවන්ට අනතුරු අඟවා ඇත්තේ. මේ වන විට මියන්මාරයේ ක්‍රියාත්මක විරෝධතා දශකයකට පසු මියන්මාරයේ හටගත් විශාලතම විරෝධතාවය ලෙස නම් කර තිබෙනවා. ...
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය දෙදරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය දෙදරයි

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය බරපතල මතභේදාත්මක තත්ත්වයකට ලක්ව ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. රටවල් 10කින් සමන්විත අග්නිදිග ආසියානු රටවල එකතුවක් ලෙසයි ආසියාන් සංවිධානය ක්‍රියාත්මක වන්නේ. බෲනායි , කාම්බෝජය , ඉන්දුනීසියාව, ලාඕස් , මැලේසියාව , මියන්මාරය, පිලිපීනය ,සිංගප්පූරුව ,තායිලන්තය යා වියට්නාමයයි එහි සාමාජිකයන් වන්නේ. මියන්මාරයේ සිදුවූ කුමන්ත්‍රණය පිළිබද ආසියාන් සංවිධානයේ නිහඩ බව මෙම ගැටළුව නිර්මානය කර ඇති බවත් එහි ඇතැම් රටවල් පමණක් මීට එරෙහිව පියවර ගැනීමට යෝජනා කර ඇති බවත් මෙම වාර්තාවේ සදහන්. කාම්බෝජ නායක හුන් සෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය එහි අභ්‍යන්තර කටයුත්තක් ලෙස පමණක් කාම්බෝජය අදහස් පල කළ අතර එයද ආසියාන් සංවිධානයේ රටවල් කිහිපයක විරෝධයට ලක්ව තිබෙනවා. එම රටවල මතය වන්නේ බාහිර අතපෙවීමකින් ආසියාන් සංවිධානයේ අනෙක් රටවල ද මෙවන් කුමන්ත්‍ර...
මියන්මාරයේ වට්ස් ඇප් , ඉන්සටග්‍රෑම් තහනම්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ වට්ස් ඇප් , ඉන්සටග්‍රෑම් තහනම්

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු හමුදා පාලනය විසින් ඉන්ස්ටග්‍රෑම් හා වට්ස් ඇප් සේවාවන් ද තහනම් කර තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය හරහා හමුදා පාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය ඉහළ යාම මතයි. ීබී බී සී වෙත අදහස් දක්වමින් මියන්මාර අන්තර්ජාල සේවා සම්පාදන ආයතන පවසන්නේ එම සේවාවන් අත්හිටුවන ලෙස හමුදාව නියෝග කළ බවයි. ඊයේ දිනයේ මියන්මාරයේ ෆේස් බුක් සමාජ ජාලය ද සීමා කළ අතර එය ෆේස් බුක් සමාගමේ කනස්සල්ලට හේතුවී තිබුණා. මියන්මාරයේ සරසවි සිසුන් හා සිවිල් සංවිධාන අවුන්සාන් සුකීට සහාය පල කරමින් පවතින අතර එම විරෝධතා කළහකාරී මට්ටමට පත්විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ....
හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය

මියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසුවය. සූ කී පමණක් නොව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්, මියන්මාර ජනාධිපතිවරයා, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 44 දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. මියන්මාරයට හමුදා පාලනය අලු‍ත් දෙයක් නොවෙයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, පළමු වරට, ආණ්ඩුවක් පෙරළා බලය අත්පත් කර ගැනීම පළමුවෙන් සිදුවූයේ 1962 වසරේ දීය. තායිලන්තයේ පාකිස්තානයේ සහ අප්‍රිකා රටවල මෙන්ම මියන්මාරයේ අතිශය ප්‍රබල හමුදාව ද එරට දේශපාලනයේ විශාල භූමිකාවක් නිරූපණය කරයි. හමුදාව සෘජුව සිවිල් පාලනයට බලපෑම් එල්ල කරමින් පාලන බලය අත්පත් කර ගැනීමක් සිදු කරයි. ඒ අනුව, පසුගිය පෙබරවාරි පළමු වැනිදා හිරු උදාවත් සමඟ මියන්මාරයේ පැවැති ළදරු...
හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ ෆේස් බුක් සීමා කරලා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ ෆේස් බුක් සීමා කරලා

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට තුල ෆේස් බුක් සමාජ ජාලය භාවිත කිරීමට බාධා මතුව ඇති බව ෆේස් බුක් සමාගම පවසනවා. ඒ අනුව අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයකටම ෆේස් බුක් සමාජ ජාලය සීමා කිරීමට නියෝග හිමිව ඇති බවයි එම සමාගම පවසන්නේ. එම තහනම ඉවත් කර ,මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස ෆේස් බුක් ආයතනය මියන්මාර හමුදා පාලනයෙන් ඉල්ලා තිබෙනවා. ෆේස් බුක් සමාජ ජාලය මියන්මාරයේ බෙහෙවින් ජනප්‍රිය වන අතර එරට රජයේ අමාත්‍යාංශ විසින් මහජනතාවට තොරතුරු සැපයීම සදහා ද බහුල වශයෙන් ෆේස් බුක් භාවිත කර තිබුණා. ලොව පුරා අන්තර්ජාල ක්‍රියා විරහිත කිරීම් අධීක්ෂණය කරන නෙට් බ්ලොක්ස් පැවසුවේ මියන්මාරයේ සේවා සපයන්නන් හරහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වෙත පිවිසීම ද අවහිර කර ඇති බව තහවුරු වූ බවයි....
මියන්මාරයේ කුමන්ත්‍රණයට එරෙහිව පියවර ගන්න / ජගත් සංවිධානය ලෝකයෙන් ඉල්ලයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ කුමන්ත්‍රණයට එරෙහිව පියවර ගන්න / ජගත් සංවිධානය ලෝකයෙන් ඉල්ලයි

මියන්මාරයේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ලෝකය වහා පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. හමුදා කුමන්ත්‍රණය පිළිගත නොහැකි බවත් ,මැතිවරණය ප්‍රතිඵලය ආපසු හැරවීම කිසිසේත්ම පිළි නොගන්නා බවත් ඔහු අවධාරණය කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධ පියවරක් ගැනීමට තවදුරටත් අවධානය යොමුකරමින් පැවතියද චීනය එවන් ඕනෑම පියවරකට බාධා කරනු ඇති බවයි බී බී සී පුවත් සේවය පවසන්නේ. ඒ අනුව මේ සඳහා ගත හැකි ඉහළම මට්ටමේ පියවරකට ජගත් සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. මේ වන විට එරට හමුදාව භාරයේ පසුවන අවුන්සාන් සූකී මහත්මියට එරෙහිව චෝදනා කිහිපයක් ගොනු කර ඇති අතර, ඇය පෙබරවාරි 15 ​​වන තෙක් රිමාන්ඩ් භාරයේ රදවා තිබෙනවා. හමුදා ප්‍රධානී මින් අවුන්ග් හේලින්ගේ නායකත්වයෙන් යුත් කුමන්ත්‍රණයෙන් පසුව 11 දෙනෙකුගෙන් යුත් හමුදා පාලනයක් ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වසරක් පුරා ...
මියන්මාරයේ තානාපතිට බ්‍රිතාන්‍යයෙන් හදිසි කැදවීමක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ තානාපතිට බ්‍රිතාන්‍යයෙන් හදිසි කැදවීමක්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මියන්මාර තානාපතිවරයා හදිසියේ කැදවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී මියන්මාරයේ තත්ත්වය පිළිබද තම රටේ දැඩි කනස්සල්ල පළ කළ බවයි. නීත්‍යානුකූල ලෙස ජනතාව පත් කරගත් රජයක් හමුදා පාලනයක් මගින් පෙරලා දැමීම ලෝකයේ කිසිදු ස්ථානයකදී සිදු නොවිය යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ. ඉදිරියේ දී මියන්මාරය සමග සබදතා පවත්වාගෙන යාමට මෙම තත්ත්වය බලපෑම් එල්ල කළ හැකි බව ද එහිදී අවදාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් නතර කිරීමේ සූදානමක් නොමැති බවයි එමගින් දන්වා ඇත්තේ....
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත ක්‍රිස්ටින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලාදකිමින් මෙහිදී අදහස් දක්වා තිබුණා. ඇය පෙන්වා දී ඇත්තේ , මියන්මාරයේ ජනතාව ජන්ද බලයෙන් ලබාදුන් තීරණය අභිබවා යාමට හමුදා පාලනයකට හැකියාව නොමැති බවයි. මේ අතර සිංගප්පූරු සරසවියේ විශේෂඥයකු වන Elliott Prasse-Freeman බී බී සී ය වෙත කියා සිටියේ චීනය වක්‍රාකාරයෙන් මියන්මාරයේ තත්ත්වය පිළිබද ඉඟියක් ලබාදෙන බවයි. චීන මාධ්‍ය විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් ...
සම්බාධක පනවනවා / මියන්මාර හමුදා පාලනයට අමෙරිකාව අනතුරු අඟවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

සම්බාධක පනවනවා / මියන්මාර හමුදා පාලනයට අමෙරිකාව අනතුරු අඟවයි

මියන්මාරය තුල යළි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකරන්නේ නම් එරටට සම්බාධක පනවන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා. මියන්මාර හමුදා පාලනයට අනතුරු අඟවමින් ඔහු පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හමුදා බලයෙන් යටපත් කිරීම , සමස්ථ ලෝකයම පිළි නොගන්නා බවයි. මේ පිළිබද වාර්තාවක් පල කරන රොයිටර් පුවත් සේවය පවසන්නේ අංශ කිහිපයක් ඔස්සේ මියන්මාර හමුදා පාලනයට බලපෑම් කිරීමට අමෙරිකාව සූදානම් බවයි. ඒ අනුව මියන්මාරයට වෙළඳ සම්බාධක පැනවීම, හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තර වශයෙන් සීමා පැනවීම හා මියන්මාර සමාගම්වලට සීමා පැනවීම ආදී තත්ත්වයන් කෙරෙහි අමෙරිකාව අවධානය යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් මියන්මාර හමුදාව පවසන්නේ වසරක කාලයක් හදිසි නීතිය පවත්වාගෙන යාමෙන් පසු රටේ මැතිවරණයක් පවත්වන බවයි. පසුගිය මැතිවරණ ප්‍රතිඵලය දූෂිත බවද මියන්මාර හමුදාව නිවේදනය කළා. රට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා අවුන් සාන් සුචී ඇතුළු දේශපාලකයන් රැසක...
මැයි 31 වන තෙක් කිසිවකුට මියන්මාරයෙන් පිටවීම තහනම් / ගුවන් තොටුපල වැසෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මැයි 31 වන තෙක් කිසිවකුට මියන්මාරයෙන් පිටවීම තහනම් / ගුවන් තොටුපල වැසෙයි

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා. ලබන මැයි මාසය දක්වාම ගුවන් තොටුපල වසා දැමීමටයි එරට හමුදා පාලනය නියෝග කර ඇත්තේ. ඒ අනුව මැයි 31 වනදා රාත්‍රී 12 වන තෙක් රටින් පිටවීම සියල්ලන්ටම තහනම් කර තිබෙනවා.
හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය තමභාරයට ගත් බව මියන්මාර හමුදාව අද නිවේදනය කළා. ඒ මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම තහවුරු කරමිනුයි. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළා. පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට රටේ බලය පැවරීමට ක්‍රියා කරන බවයි, මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර තිබෙනවා. නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අ...