Tag: මුරලිදරන් .ක්‍රිකට්

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ/ තරග දිනන්න ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ/ තරග දිනන්න ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන්, වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී ඉහත අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන එකට වඩා ගොඩක් වෙනස්. එහි හිතන විදිය සහ කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ක්‍රිකට් එකේ ආකල්පවල කිසිම වෙනසක් වෙලා නෑ” යැයි පවසා සිටින මුරලිදරන් මහතා, “මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුල...