Tag: මුහුදු

මුහුදේ වෙනසක් – මීටර් දෙකක් උසට රැළි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මුහුදේ වෙනසක් – මීටර් දෙකක් උසට රැළි

හලාවත සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදු තීරයේ මුහුදු රළ ගොඩබිම දෙසට ගලා ඒමේ තත්ත්වයක් ඊයේ පස්වරුවේ සිට වාර්තාවී තිබුණා. මුහුදු රළ ගොඩබිම දෙසට ගලා ඒම හේතුවෙන් වෙරළ තීරයේ නිවාස රැසකට ද බලපෑම් එල්ල වුණා. හලාවත සිට වෙන්නප්පුව දක්වා වෙරළ තීරයේ ගාල් කර තිබූ ධීවර යාත්‍රා මුහුදට ගසා ගෙන යාම වැලැක්වීම සදහා ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට ධීවර ජනතාව කටයුතු කරන ආකාරය දැක ගැනීමට ලැබුණා. මුහුදු රළ දැඩි වීමෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ තොඩුවාව තල්විල සහ මූදු කටුව යන ප්‍රදේශවලටයි. එම ප්‍රදේශවල මුහුද දැඩි රළු ස්වභාවයක් ගන්නා බවද වාර්තා වනවා. මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකත්,  දෙකයි දශම පහත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි වන බැවින් ධීවර හා නාවුක ප්‍රජාව මෙන්ම වෙරළා...