Tag: මොරටුව

මොරටුවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 9ක්
මොරටු පුවත්

මොරටුවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 9ක්

ගතවූ පැය 24 තුල මොරටුවෙන් නව කොරෝනා ආසාදිතයන් 9ක් හදුනාගෙන තිබෙනවා. ආසන්න ප්‍රදේශවල වන ගල්කිස්සෙන් ආසාදිතයන් 16 ක් හා පිළියන්දලින් ආසාදිතයන් 5ක් හදුනාගෙන තිබෙනවා.    
ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්
මොරටු පුවත්

ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්

ගතවූ දිනය තුල මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් හා එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. ආසන්න ප්‍රදේශවන පිළියන්දලින් ආසාදිතයන් 7ක් ක් හා රත්මලාන ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු හදුනා ගැණුනා. මේ අතර ගතවූ පැය 24 තුල ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 726 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 116 ක් .මට්ටක්කුලියෙන් ආසාදිතයන් 14 ක් , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 9ක් , හා පිළියන්දල ,මරදාන ප්‍රදේශවලින් ආසාදිතයන් 7 බැගින් හඳුනා ගැනුනා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් එම කාලය තුල හඳුනා ගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 88 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 63 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් එම කාලයේ වාර්තා වුණා. ...
මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට
මොරටු පුවත්

මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට

මොරටුවෙන් තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ (06) වාර්තාවූ කොරෝනා මරණ 8න් එක් මරණකරුවකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බවයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා. අනතුරුව මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි පෙබරවාරි 5 වනදා මරණයට පත්ව තිබුණේ. කොවිඩ් නිව්මෝනියාව හා පිළිකා රෝගී තත්ත්වයක් මරණයට මුල්වී තිබෙනවා. මීට පෙර අවස්ථා 2 කදී ද මොරටුවෙන් කොරෝනා ආසාදිත මරණ වාර්තා වුණා. ...
මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්
මොරටු පුවත්

මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර පදික වෙළඳාමේ යෙදෙන පිරිස ඉවත් කිරීමේ අවස්ථාවට යන නිලධාරීන් වෙත මොරටුව පොලිසිය විසින් ආරක්ෂාව සැපයූවේ නැති බව පවසමින් පොලිසියට එරෙහි පැමිණිලි 7ක් අද(25) ඉදිරිපත් කළ බව මොරටුව නාගරික කොමසාරිස් එස්.බී තෙවරප්පෙරුම මහතා පැවැසීය. ඒ අනුව නාගරික කොමසාරිස් වන තමා ඇතුළු ඉංජිනේරුවරයා, ප්‍රධාන ආදායම් පරීක්ෂක, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගණකාධිකාරි, සෞඛ්‍ය පරීපාලක, ක්ෂේත්‍ර පරිපාල යන මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. නාගරික තදාසන්න කලාපයේ අනවසර වෙළඳුන් මාර්ගයේ ගමන් කරන රථවාහන සඳහා මෙන්ම පදිකයන්ට ද අවහිර වෙන ආකාරයට සිදුකරන අනවසර වෙළඳාම හේතුවෙන්  ගැටලු මතුව ඇතැයි ඒ මහතා පැවසීය. එහෙයින් මොරටුව මහ නගර සභා පනත ප්‍රකාරව අදාළ  අනවසර වෙළදාම් ඉවත් කිරීමට කටයුතු කරන්නට සැලසුම් කල අතර එකී අවස්ථාවට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව හා වාචිකව සිදු කරනු ලැබූ ඉල්ලීමකට පොලිසියෙන්...
ලුනාව කලපුවට අපජලය මුදාහැරි කළමනාකරුවකුට ඇප
මොරටු පුවත්

ලුනාව කලපුවට අපජලය මුදාහැරි කළමනාකරුවකුට ඇප

මොරටුව ලුනාව කලපුවට අපජලය මුදාහැරි බව කියන ආයතනයක කළමනාකාරුවකු රුපියල් 10,000 දඩයකට යටත් කර ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස  මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද( 26) නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කරනු ලැබූයේ  ආහාර සැකසුම් ආයතන කළමණාකරුවකුටය. ආහාර සැකසුම් කර්මාන්ත ආයතනයෙන් ලුනාව කලපුවට මුදාහැරෙන අප ජලය හේතුවෙන් ප්‍රදේශය පුරා දුඟඳක් හමන බවත් ජලය කොළ පැහැ ගැන්වී ඇති බවත් එයින් විශාල පරිසර හානියක් සිදුවන බවත් මොරටුව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නදීන් ජයතිලක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එකී කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් මෙම නියෝග කරනු ලැබීය. නඩුව මාර්තු මස 16 වැනිදා යළි කැඳවන්නට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පෙර මොරටුව නගර සභාවේ ඉංජිනේරු අංශයෙන් ඇස්තමේන්තු සකස් කර ඒ සඳහා ගෙවීම් සිදුකර සැකසුම් ආයතනයේ අප ජලය මුදා හැරීමෙන් පරිසරයට සිදුවී ඇති හානිය යළි යථා තත්ත්වයට පත් ක...
ගතවූ තුල පැය 24 වැඩිම ආසාදිතයන් කොළඹින්(480)/ ගම්පහෙන් 86 ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ තුල පැය 24 වැඩිම ආසාදිතයන් කොළඹින්(480)/ ගම්පහෙන් 86 ක්

ගතවූ පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 480 ක්. නාරාහේන්පිට, ගල්කිස්ස හා වැල්ලම්පිටිය ප්‍රදේශවලින් ආසාදිතයන් 29 බැගින් වාර්තාවන අතර කොම්පඤ්ඤවීදීය, වැල්ලවත්ත, කුරුදුවත්ත, හා මරදාන ප්‍රදේශවලින් ද ආසාදිතයන් 20 ඉක්මවා වාර්තා වුණා. මොරටුවේ ආසාදිතයන් වර්ධනය වීමක් දැකගත හැකි අතර එම සංඛ්‍යාව 18 ක්. ගතවූ දින කිහිපය පුරා එම ප්‍රදේශයේ ආසාදිතයන්ගේ ක්‍රමික වර්ධනයක් දැකගත හැකි වුණා. ගතවූ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 86 ක් , කළුතරින් 72 ක්.මහනුවරින් 35ක් හා ගාල්ලෙන් 40 ක් වාර්තා වුණා. - අමල් අල්මේදා ...
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මොරටුව මහ නගර සභාවෙන් ගෙනා අපූරු ව්‍යාපෘතිය
මොරටු පුවත්

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මොරටුව මහ නගර සභාවෙන් ගෙනා අපූරු ව්‍යාපෘතිය

එදිනෙදා අප සිදුකරන ක්‍රියාවන්වලදී ඉවත දමන දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. ඒ අතර ඝන තත්ත්වයේ පවතින කඩදාසි, කාර්ඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ  වර්ග, පොල්කටු, ඉවත ලන ආහාර ආදිය  දැකගත හැකියි. නාගරික වශයෙන් මෙකී අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර නොකිරීම නිසා බොහෝ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ඇති විය. මේ නිසාම ඝන අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම අත්‍යාවශම දෙයකි. මේ තොරතුරු පසුගියදා මොරටුව මහ නගර සභාව විසින් හඳුන්වා දුන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳවයි. මෙහි විශේෂත්වය වන්නේ නිවසේදීම කසළ වෙන්කරන ක්‍රමවේදයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත්, එලෙස ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම ව්‍යාපෘතියද මෙය වීමත්ය. එහි තොරතුරු සොයා අපි මොරටුව මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පරිශ්‍රයට පියනැගුවෙමු. කුණු කියූ පමණින් බල්ලන්, බළලුන් ගැවසෙන, කාක්කන් එහෙ මෙහේ සැරිසරණ, මැස්සන් ගහණ පරිශ්‍...