Tag: රවී කරුණානායක

රවී, අජිත් පෙරේරා හා නලීන් බණ්ඩාර නඩුවකින් නිදහස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රවී, අජිත් පෙරේරා හා නලීන් බණ්ඩාර නඩුවකින් නිදහස්

2014 වසරේ ඔක්තෝබර් මස 21 වනදා වරාය පරිශ්‍රයට අයුතු ඇතුල්වීමක් කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු හය දෙනා නිදොස්කොට නිදහස් කෙරිණ. කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ. 2014 වසරේදී වරාය පරිශ්‍රයේ ජනාධිපතිවරණයට අදාළ පෝස්ටර් මුද්‍රණය කරන බවට ලැබුණු තොරතුරක් මත එහි ගොස් පරික්‍ෂා කිරීමකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඇප මත මුදා හැරිණ. ...
අල්ලස් චෝදනාවට රවීට සහ අර්ජුන්ට අධිචෝදනා භාරදී, ඇප මත මුදා හරී
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අල්ලස් චෝදනාවට රවීට සහ අර්ජුන්ට අධිචෝදනා භාරදී, ඇප මත මුදා හරී

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  අර්ජුන් ඇලෝසියස් යන අයට අද(05) අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිෂම ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු  ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. විත්තිකරුවන්ට  විදේශගතවීමද තහනම් කරමින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කෙරුණා. නඩුව නැවත ලබන 15 වනදා කැදවීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් විත්තික...