Tag: රසායනාගාර විද්‍යාඥ

PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි

රජයේ රසයනාගාරවල PCR සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පමණක් PCR සාම්පල 6000ක් ගොඩගැසී ඇති බවයි. ඊට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 1000ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ 750ක් ආදි වශයෙන් PCR සාම්පල ගොඩගැසී ඇති අතර මෙවන් තත්ත්වයන් හරහා 3 වන කොරෝනා රැල්ලකට අත වනමින් පවතින බවද රවී කුමුදේශ් මහතා පැවසුවා. පරීක්ෂණ කරන එක අත හැරලා ඉන්නේ කාගේ වුවමණාවටද කියලා අපිට හරියටම පැහැදිළි නැති වුණත්, බොහෝ සෞඛ්‍ය බලධාරීන් "වැක්සින් වැකේෂන් එකක" ඉන්න බවනම් පේනවා. රසායනාගාරවල PCR නිදර්ශක ගොඩ ගැහිලා. සෞඛ්‍ය අමාත්‍යාංශය PCR රසායනාගාරවල සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට ඉඩ ඇරලා. අවශ්‍යතා ගැන කතා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැනක් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය වග කිව යුතුයි. රසායනාගාර සේව...