Tag: රූ රැජින

රූ රැජින අවුල ගැන යළිත් ජාත්‍යන්තරයෙන් නිවේදනයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රූ රැජින අවුල ගැන යළිත් ජාත්‍යන්තරයෙන් නිවේදනයක්

මෙරට පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, Mrs. World Inc. සංවිධායකයින් පවසන්නේ, ජාතික තරගාවලියේදී කැරොලයින් ජූරි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ දැනුවත්භාවයකින් පසුවන බවයි. පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමේ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වුණා. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔටුණු පළදනු ලැබුවා සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවු අතර ඊට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ...
ලෝකයේ රූ රැජින තරඟ කැත කළ අවාසනාවන්ත සිදුවීම්
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ලෝකයේ රූ රැජින තරඟ කැත කළ අවාසනාවන්ත සිදුවීම්

ඒ 2015 වසරයි. ඇමරිකා එක්සත් ජනපදයේ නෙවඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්හි ඇක්සිස් ශාලාවේදී විශ්ව රූ රැජින තරඟය පැවැත්වෙමින් තිබිණි. ස්ටීව් හාවි නම් වන ප්‍රසිද්ධ නිවේදකයා උළෙල නිවේදනය කරමින් සිටියේය. තරගයේ අවසන් මොහොත උදාවී තිබුණු අතර ඉතිරිව තිබුණේ අවසන් උද්වේගකරම නිමේෂය විය. ඒ ජයග්‍රාහිකාව නිවේදනය කරන මොහොතයි. ඒ වන විටත් තුන්වැනි ස්ථානය ඇමරිකානු රූමතිය විසින් දිනා ගත් බව නිවේදනය කර අවසන් වී තිබිණි. ඉතිරිව සිටියේ කොලොම්බියානු රූමතිය සහ පිලිපීන රූමතියයි. මේ දෙදෙනා අතරින් එක් අයෙකු විශ්ව රූ රැජින වන අතර නම ප්‍රකාශ නොවන රූමතිය දෙවැනි තැන දිනා ගනු ඇත. ජයග්‍රාහිකාව නිවේදනය කරණු පිණිස තම අතට පත් වූ කාඩ්පත් ලබාගත් ස්ටීව් හාවි සභාව උන්මාදයට පත් කරමින් 2015 විශ්ව රූ රැජින කිරුළ කොලොම්බියානු රූ රැජින විසින් දිනා ගන්නා බව ප්‍රකාශයට පත් කර සිටියේය. ඒ සමගම කොලොම්බියානු රූමතියට කිරුළු පළඳවනු ලැබූ අතර පිලිපීන ර...
කැරොලයින් ජූරි හා චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හරී
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කැරොලයින් ජූරි හා චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හරී

පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ,පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි හා නිරූපන ශිල්පිණියක වන චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. අද පෙරවරුවේයි සැකකාරියන් අත්අඩංගුවට ගැනුනේ. ඒ පසුගියදා පැවැති විවාහක රූ රැජින තේරීමේ උත්සවය තුල හටගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේ දීයි. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 3ක් ඔවුන්ට එරෙහිව එල්ලවී තිබෙනවා....