Tag: ලසිත් මාලිංග

පන්දු 4යි කඩුලු 4යි / මාලිංගගෙන් තවත් ලෝක වාර්තා

පන්දු 4යි කඩුලු 4යි / මාලිංගගෙන් තවත් ලෝක වාර්තා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති 3 වන විස්සයි විස්ස තරගයේදීපිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්කමක් විස්සයි විස්ස තරගයකදී දැක්වූ ලොව දෙවන ක්‍රීඩකයා හා කඩුලු 4ක් පන්දු 4කදී දෙවරක් දවාගත් ලොව එකම පන්දු යවන්නා බවට පත්වුණා. ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසයි ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවේ. අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්වුණා.
අවසන් තරගය ලංකාව දිනයි / තරගාවලියේ ජය නවසීලන්තයට

අවසන් තරගය ලංකාව දිනයි / තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ ලසිත් මාලිංගගේ වාර්තා බිහිකළ පන්දු යැවීම හමුවේයි. පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 125ක් පමණයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 30යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග විස්සයි20 ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමින් පන්දු හතරකදී පිට පිටම කඩුලු 4ක් සමග ලකුණු 6කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.
විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයවූ මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ කුසල් පෙරේරා ලකුණු 111යි . එය ඔහුගේ 5වන එක්දින ශතකයයි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් රැස් කළා. ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 62 ට කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට සීමා වුණා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 67 යි. සබීර් රහමාන් ලකුණු 60යි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 38ට කඩුලු 3යි. නුවන් ප්‍රදීප් ලකුණු 51 ට කඩුලු 3ක් දවාගත්තා. තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා. මේ සමග එක්දින තරගාවලිය 1ට
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්

අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි. ඒ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ලසිත් මාලිංගට සුබ පැතුම් එක්කර විශේෂ ලිපියක් යොමු කරමිනි. ලසිත් මාලිංග ශ්‍රී ලංකා‍වේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය එම ලිපියෙන් අගය කරන අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බවයි. “වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාස
මාලිංග වසීම් අක්‍රම් සම කරයි / පසුකිරීමට එක කඩුල්ලයි

මාලිංග වසීම් අක්‍රම් සම කරයි / පසුකිරීමට එක කඩුල්ලයි

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී පකිස්ථානය බිහිකළ සුපිරි පන්දු යවන්නකු වන වසීම් අක්‍රම් හා සමවීමට සමත්ව සිටිනවා. ඒ මෙතෙක් ලෝක කුසලාන තරගවලදී කඩුලු 55ක් දවා ගනිමිනුයි. ඊයේ කොදෙව් පිලේ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූ මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර 3 වන තැන පසුවන්නේ වසීම් අක්‍රම් ද සමගයි. එහි දෙවන තැන ශ්‍රී ලංකාවේ හිටපු සිපිරි දග පන්දු යවන්නාවන මුත්තයියා මුරලිදරන්ට හිමිව ඇත්තේ කඩුලු 68ක් සමගයි. මුල්තැන පසුවන්නේ කැන්ගරු දේශයේ ග්ලේන් මැග්‍රාත්.ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 71 ක්. මෙවර තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේ එක් කඩුල්ලක් දවාගතහොත් වසීම් අක්‍රම් පසුකර යාමට මාලිංගට හැකියාව පවතිනවා.
සටනක් දී ලංකාව ජයගනී / අවිශ්ක ,මාලිංග හා මැතිවුස්ගෙන් දස්කම්

සටනක් දී ලංකාව ජයගනී / අවිශ්ක ,මාලිංග හා මැතිවුස්ගෙන් දස්කම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් පිලට එරෙහි තරගය තියුණු සටනකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ ලකුණු 23කින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 338ක් රැස් කළා. මංගල එක්දින ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104 යි. කුසල් පෙරේරා ලකුණු 64යි. ළහිරු තිරිමාන්න වේගවත් ලකුණු 45ක් රැස් කළා. පළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 315ක් පමණයි. නිකලොස් පූරන් ලකුණු 118යි.ලසිත් මාලිංග ලකුණු 55ට කඩුලු 3යි. තරගයේ අවසන් මොහොතේ පන්දු යවන්නන් පිළිබද අර්බුධයකට ශ්‍රී ලංකා පිල මුහුණදුන් අතර එම අවස්ථාවේ ඇන්ජලෝ මැතිවුස් පන්දු යැවීමට ඉදිරිපත් වුණා. එහිදී පළමු පන්දුවෙන්ම කොදෙව් පිලේ බලාපොරොත්තුවවූ නිකලොස් පූරන් දවාගත් අතර ඔහු පන්දුවාර 2කදී ලකුණු 6