Tag: ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෙදර ගිය ට්‍රම්ප්ට කැරකෙන නොබෙල් සාම තෑග්ග
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ගෙදර ගිය ට්‍රම්ප්ට කැරකෙන නොබෙල් සාම තෑග්ග

ජනපතිවරණ පරාජයෙන් පසු ධුරයෙන් ඉවත්ව ගිය අමෙරිකාවෙ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශවී තිබෙනවා.රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර සාමය ඇති කිරීම, උතුරු කොරියා හා දකුණු කොරියාව අතර සාමයට මඟ පෙන්වීම ආදී සාධක මීට හේතුවී ඇති බවයි. මේ අතර ළමා ක්‍රියාකාරිණියක වන ග්‍රේටා තුන්බර්ග් ද මෙවර ද නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වුණා.ඒ ඇයගේ ෆ්‍රයිඩේ ෆෝ ද ෆියුචර් වැඩසටහන වෙනුවෙන්. මේ අතර රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්ස් නවාල්නි ද නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශවී තිබෙනවා. ඒ රුසියානු ජනතාවගේ නිදහස වෙනුවෙන් සාමකාමී හා අවදානම් සහිත ව්‍යාපාරයක නිරතවීම මතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සඳහා නිර්දේශ වී ඇත්තේ දිළිදු රටවලට කොරෝනා එන්නත් ලබාදීමට මැදිහත්වීම මතයි. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම හා නේටෝ සංවිධානය ද මෙම නිර්දේශ නාම අතරට ඇතුලත්. ...