Tag: වතුරාන

දුර්ලභ ශාක සහිත වතුරාන වගුරු වනය විනාශයේ අබියස
මතවාද, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

දුර්ලභ ශාක සහිත වතුරාන වගුරු වනය විනාශයේ අබියස

ශ්‍රී ලංකාවේ ඇති වතුරාන වර්ගයේ එකම වනාන්තරය වන්නේත් හොරවැල් සහ සුවඳ යන ශාක විශේෂ ලෝකයෙන්ම හමුවන එකම ස්ථානය වන්නේත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වලව්වේවත්ත වතුරාන වගුරු වනාන්තරයයි. වර්තමානය වන විට ස්වභාව රක්‍ෂිත කලාපයක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කර ඇතත් රජයේ අවධානය අඩුවීමෙන් වතුරාන වනය විනාශ වීමේ තර්ජන රැසකට මුහුණපා තිබෙන බව පරිසරවේදීහු පවසති. මුළු ලෝකයේම උද්භිද විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමුවී ඇති මෙම වතුරාන වගුරු වනාන්තරය ශ්‍රී ලංකාවේ සියලු වගුරු වනාන්තරවලට වඩා අතිශය පාරිසරික වටිනාකමකින් යුක්තය. කළුගඟේ ශාඛාවක් සහ කුඩා ගඟේ අතු ගංගාවක් වන බටපොත ඇළේ වම් ඉවුරට මායිම්ව පිහිටි මෙම ස්වභාවික වගුරු බිම ඇළ ඔස්සේ ගලා එන ජලයෙන් වසරකට 10-12 වරක් ගංවතුරට ගොදුරුවන අතර වතුරට ඔරොත්තු දෙන ශාක සම්පත් බහුලව දක්නට ඇත. මෙම වනාන්තරය තුළ ඇති මුළු ශාක විශේෂ ගණන 48ක් වන අත...