Tag: වනාන්තර විනාශය

2040 දී ලෝකයෙන් 5 න් 1ක් ගිලා බසී
වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ

2040 දී ලෝකයෙන් 5 න් 1ක් ගිලා බසී

වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙයි. එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය. පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති. පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇ...