Tag: වරාය

වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වනවා. ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ මගින්ද හෙළිකර තිබුණා. ඉදිකර, මෙහෙයුම්කර පවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම සිදුකර තිබුණා. ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබෙනවා. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි. මේ අනුව අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. ...
ගාල්ල වරායේ අක්කර 6 ක භූමියක් බදු දීමේ සූදානමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගාල්ල වරායේ අක්කර 6 ක භූමියක් බදු දීමේ සූදානමක්

ගාල්ල වරායේ අක්කර හයයි (6) පර්චස් 28 ක භූමි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයකට බදු දීමට සැලසුම් කර තිබේ. ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙලෙස වරායේ භූමි ප්‍රමාණයෙන් අක්කර හයයි පර්චස් විසිඅටක කොටසක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත. ඒ අනුව එකී ඉඩම් කොටස වෙනුවෙන් මුල් වසර දෙක සඳහා ස්ථාවර බදු මුදලක් අයකරනු ලබන අතර ඉන්පසු වාර්ෂිකව සංශෝධනය කර බදු මුදල අයකර ගැනීමටද නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත වරාය අධිකාරිය ලිපියක් යොමුකොට තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධනගෙන් මේ ගැන විමසීමේදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදුකිරීමට පෞද්ගලික අංශයට බදු ...
බටහිර ජැටිය ඉන්දියාවට දීමටත් පාර්ශව කිහිපයක විරෝධය
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බටහිර ජැටිය ඉන්දියාවට දීමටත් පාර්ශව කිහිපයක විරෝධය

කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය විරෝධය පල කර තිබෙනවා. ඒ අනුව රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද කොළඹ වරාය ආසන්නයේ සහ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සංවිධානය කර තිබුණා. මේ අතර වරාය අධිකාරියේ නිදහස් සේවක වෘත්තීය සමිතියේ නියෝජිතයකු ද ප්‍රකාශ කළේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය අරගලයක් සිදුකළ ද බටහිර ජැටිය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබද ව ද අවධානයෙන් පසුවන බවයි. වසර 35 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දීය හා ජපාන පුද්ගලික ආයෝජනයක් ලබා ගැනීමටයි කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ එරට ප්‍රමුඛ අවශ්‍යතාවය වන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මිස බටහිර පර්යන්තය නොවන බවයි. ...
දේශප්‍රේමි ජනතාවගේ සල්ලි වලින් වරාය ගොඩදාන්න සූදානම් / ඇමති ගම්මන්පිල
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

දේශප්‍රේමි ජනතාවගේ සල්ලි වලින් වරාය ගොඩදාන්න සූදානම් / ඇමති ගම්මන්පිල

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි අපට මේක හදා ගන්නට සල්ලි නැහැ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න. තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉ...
නැගෙනහිර පර්යන්තය වරාය යටතේමයි/ හෙට(01) රජයට විශේෂ වාර්තාවක් /
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය වරාය යටතේමයි/ හෙට(01) රජයට විශේෂ වාර්තාවක් /

2021.01.30 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවෙමින් පවතී. නැගෙනහිර පර්යන්තය වෙනත් විදේශ සමාගමකට එනම් ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මේ දිනවල විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ තත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත්කර තිබේ. එම කමිටු විසින් මෙම තත්වය පිළිබඳ සලකා බලා විශේෂ වාර්තාවක් හෙට දිනයේ ලබා දීමට කටයුතු කරනු ඇත. එම වාර්තාව වරාය හා නාවික ගරු අමාත්‍යතුමා වෙත භාරදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා විසින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ වනවිට ඉතා සුභවාදීව මෙම තත්වය සඳහා අපහට මුහුණ දීමට හැකිවෙනු ඇතැයි මම බලාපොර...
වරාය සභාපතිවරයා සම්බන්ධයෙන් වරාය අධිකාරියෙන් නිවේදනයක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරාය සභාපතිවරයා සම්බන්ධයෙන් වරාය අධිකාරියෙන් නිවේදනයක්

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් මාධ්‍ය හරහා අර්ථය වෙනස් වන පරිදි ප්‍රචාරය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසනවා. සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ රට හැදීමට නම් රටම විකුණා දැමිය යුතු බවට දයා රත්නායක මහතා අදහස් පල කළ බවයි. එහෙත් එම වාර්තා නිවැරදි නොවන බව පවසමින් ඊට අදාළව නිකුත්කර ඇති නිවේදනයයි මේ. ...
කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල කාල්ටන් නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය මණ්ඩලයේ සියයට 99ක් මෙන්ම ජනාධිපතිවරයා ද එම ස්ථාවරයේ පසුවන බවයි අගමැතිවරයා පැවසුවේ.  ...
නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත දැඩි පීඩනයක් ඉන්දියාව විසින් එල්ල කරන බවයි.. ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය මනින මිනුම් දන්ඩ නැගෙනහිර ජැටිය බවත් එහි අයිතිය හිමිවීම මත අනාගතය තීරණය වනු ඇති බවත් ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශක වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන නවදිල්ලියේ ජින්දාල් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පන්කජ් කුමාර් චීනය විසින් දකුණු ආසියානු කලාපය තුල සිදුකරමින් යන නාවික ආධිපත්‍ය පැතිරවීම වැලැක්වීමට ඉන්දියාවට කොළඹ වරාය උපක්‍රමික ලෙස...
නැගනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යයනයට අනු කමිටුව හෙට රැස්වෙයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යයනයට අනු කමිටුව හෙට රැස්වෙයි

කොළඹ වරායේ ,නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වනවා. කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යංශයේ ලේකම් යූ,ඩී,සී ජයලාල් මහතා සඳහන් පැවසුවේ වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්වල අන්තර්ගත යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වාර්තාව සකස් කරන බවයි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළා. ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවයි....