Tag: වරාය අධිකාරිය

වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හදිසි තීරණයක් නොවේ / වරාය සභාපති
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හදිසි තීරණයක් නොවේ / වරාය සභාපති

වරාය අධිකාරිය හා ඊට සම්බන්ධ කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීම මේ වන විට පවතින වෘත්තීය ක්‍රියාමාර්ග මත ගත් තීරණයක් නොවන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ එය මාස කිහිපයකට පෙර ගනු ලැබූ තීරණයක් බවයි. කෙසේ වෙතත් එම ගැසට් පත්‍රය ආසන්න අවස්ථාවකදී නිකුත් වීම කොරෝනා තත්ත්වයන් මත සිදුවූ ප්‍රමාදයක් පමණක් බවයි වරාය සභාපතිවරයා පවසන්නේ. මේ අතර වරාය සේවකයන් තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිනවා. ඉතා ඉක්මනින් සාකච්ජා මාර්ගයෙන් මෙම ගැටළුව විසදා ගත හැකි බවයි දයා රත්නායක මහතා කියා සිටියේ....
වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වන අතරතුරයි මෙම ගැසට් පත්‍රය නිකුත්ව ඇත්තේ. ...