Tag: වාසුදේව

කොරෝනා වැළඳුණු ඇමති වාසුදේවටත් සුවයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා වැළඳුණු ඇමති වාසුදේවටත් සුවයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ජල සම්පාදන අමාත්‍ය වාසූදේව නානායක්කාර මහතා සුවය ලබා තිබෙනවා. අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ සුවය ලැබු වාසුදේව නානායක්කාර මහතා අද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගිය බවයි. අමාත්‍යවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 11 වැනිදා අනාවරණ වුණා. මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනයකරන මැති ඇමතිවරුන් පස් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් පළමු වැන්නා වූ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ද පසුගියදා සුවය ලැබුවා. පියල් නිශාන්ත, රවුෆ් හකීම් සහ පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරුන් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව රඳවා තිබෙනවා....