Tag: විජයදාස රාජපක්ෂ

ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යාම  ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් / විජයදාස රාජපක්ෂ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යාම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් / විජයදාස රාජපක්ෂ

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සියලු සාක්ෂි විමසීම අවසන්ව එහි වාර්තාව ඉකුත් 01 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට යෙදුණි. මේ වන විට රටේ එක් ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර කෙසේ වනු ඇත්ද යන්නය. මේ අතර මෑතක දී උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පැවතුණ නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට සහ යම් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට නිර්දේශ ලබා දී ඇතයි මාධ්‍ය මගින් ප්‍රචාරය විය. කොමිසම් සභා පනත විමර්ශන කොමිෂන් සභාවකට එවැනි නිර්දේශ ලබා දීමේ බලයක් 1948 අංක 17 දරන කොමිසම් සභා පනත මගින් ලබා දී තිබේද? අප රටට 1948 දී ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබා දීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායකය විසින් 1948 අංක 17 දර...