Tag: විදෙස්ගත ශ්‍රමිකයින්

විදෙස්ගත ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම අතිරේක රුපියල් 2ක් /වැඩසටහන ක්‍රියාත්මකයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

විදෙස්ගත ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම අතිරේක රුපියල් 2ක් /වැඩසටහන ක්‍රියාත්මකයි

විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණ ලෙස මෙරට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙකක් ගෙවීමට ඉදිරිපත් වූ අයවැය යෝජනාව මේ වන විට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ඒ අනුව සෑම ඩොලරයක් වෙනුවෙන්ම රුපියල් 2ක බැගින් එම ගිණුම් සඳහා බැරවීමට නියමිතයි. කෙසේ වෙතත්, වාණිජ බැංකු මහබැංකුවෙන් ඉල්ලා ඇත්තේ විදෙස් ප්‍රේෂණවලින් සියයට 10ක් අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි. මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රමවේදය අනුව පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මගින් උපයා ගත් බව වාණිජ බැංකු පෙන්වා දී තිබෙනවා...
රැකියා අහිමිව මෙරටට එන ශ්‍රමිකයන්ට රුපියල් 100,000 ක දීමනාවක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රැකියා අහිමිව මෙරටට එන ශ්‍රමිකයන්ට රුපියල් 100,000 ක දීමනාවක්

රැකියා අහිමිව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. එසේම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කරඇති බවයි. “රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් 50,000ක් දෙනවා. මම කිව්වා මේ 50,000 වැඩි කරන්න කියලා ලක්ෂය දක්වා. තවත් රුපියල් 50,000ක පොලී රහිත ණයක් දෙන්න කියලා කිව්වා යම් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අයට අව්‍යශයි නැවත පිටරට යන්න. එහෙම යන්නෙ නැතුව ඉන්න ඕන අය සිටී නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් 50,000 මුදල ලක්ෂයක් දක්වා වැඩි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.”...
ලියාපදිංචි විදෙස්ගත ශ්‍රමිකයින්ට ආපසු ඒමට නොමිලයේ ගුවන් ටිකට්පත්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

ලියාපදිංචි විදෙස්ගත ශ්‍රමිකයින්ට ආපසු ඒමට නොමිලයේ ගුවන් ටිකට්පත්

විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියළු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ එම ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අපහසුතා තිබේනම් ඒ පිළිබඳ සොයාබලා විදේශ සේවා කාර්යාංශයේ මැදිහත්වීමෙන් ටිකට්පත් මිලදී ගෙන ලබාදීමට පියවර ගන්නැයි උපදෙස් දුන් බවයි. විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචිය සහිත විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම සහනය ලබාදීමට නියමිතයි. "මම කාර්යාංශයට නියෝග කළා. කාර්යාංශයේ ලියාංදිංචිවෙලා විදේශගත වූ ශ්‍රමිකයෙක් වේ නම් ඔහුගේ පවුලේ සාමාජිකයෙකුත් සිටී නම්, ඔවුන්ට එවැනි ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් කාර්යාංශය මගින් වහාම ඒ රටේ ඒ සියලුදෙනාමට ගුවන් ටිකට්පත ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මේ විදේශ ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සකස්...