Tag: විදේශ රැකියා

විදේශ රැකියා ගැන සමාජ මාධ්‍ය දැන්වීම්වලට හසුවෙන්න එපා / කාර්යාංශය දන්වයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදේශ රැකියා ගැන සමාජ මාධ්‍ය දැන්වීම්වලට හසුවෙන්න එපා / කාර්යාංශය දන්වයි

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කරමින් සිදු කරන ජාවාරම්වලට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම්දෙයි. සාමජ මාධ්‍යයෙහි විවිධ දැන්වීම් පළ කරමින් විදෙස් රැකියා අපේක්ෂකයින් මුලා කොට විවිධ ජාවාරම් සිදු කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සිය කාර්යංශයට ද පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. බලපත්‍රලාභි රැකියා නියෝජිතායතනවලට විදේශ රැකියා සඳහා නීත්‍යනුකූල දැන්වීම් පළ කිරීමට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි සහ ගුවන් විදුලි වැනි මාධ්‍යවල ඔස්සේ පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ. සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළ කිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන බවත් සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළ කිරීම කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි හා දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද එහි සඳහන් ය. එබැවින් ...
විදේශ රැකියා සඳහා යන්නන්ට ගුවන් තොටුපලේ වෙනම පිවිසුමක්
විදෙස්ගත ලාංකිකයන්ට

විදේශ රැකියා සඳහා යන්නන්ට ගුවන් තොටුපලේ වෙනම පිවිසුමක්

විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂයෙන් වෙන්කල ස්ථානයකින් ඇතුල් වීමේ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. “ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන් - විදේශ රැකියා හා සංචාරක ” යනුවෙන් නම්කොට ඇති එම ස්ථානය අද දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව කවුළුවක් හරහා දැනුවත් කිරිම හා පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ප්‍රථමයෙන් හඳුනා ගෙන කඩිනමින් ඔවුන්ගේ කටයුතු, ගුවන් තොටුපල පිටත් වීමේ පර්යන්තයේ පිහිටි කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදී සිදුකෙරේ. මෙහිදී විවිධ වීසා බලපත්‍ර උපයෝගි කර ගෙන රැකියා සඳහා පිටත්ව යන අය හඳුනා ගැනිම පහසු කෙරෙනු ඇත. කොවිඩි උවදුර නිසා ගුවන්...