Tag: විනාශය

මිථ්‍යාවෙන් විනාශය බදාගැනීම
මතවාද

මිථ්‍යාවෙන් විනාශය බදාගැනීම

විද්‍යාව වෙනුවට මිථ්‍යාව පසු පස යාම දැන් අපේ රටේ රැල්ලක් බවට පත්ව තිබේ. මේ ඒ පිළිබඳව න්‍යයවාදී භෞතික විද්‍යාඥයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මොහු 1985 සිට 2008 තෙක් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සේවය කළ අතර ඉන් අවුරුදු 13 ක්ම එහි අධ්‍යක්ෂවරයා විය. ජපානයේ ශිෂෝකා හා ඇමෙරිකාවේ ජෝර්ජියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේද සේවය කර තිබෙන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් ලංකාවේ ප්‍රශ්නය මෙසේ විග්‍රහකරයි. අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මව්පියන් දරුවන් හදන්නේ ආර්ථික වාසි වැඩියෙන් ලැබෙන රැකියාවලට යැවීමටය. මේ රටේ පවතින්නේ විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයකි. ඒ විභාග ක්‍රමය යටතේ විභාග සමත්වීමට ඉගෙන ගන්නවා මිස නිදහසේ කල්පනා කිරීමට හැකි මිනිසුන් ගොඩනගන්නේ නැත. ගුරුවරුන්ටත් දැන් එවැනි හැකියාවක් නැත. පාසලේ ගුරුවරයා කරන්නේත් ටියුෂන් ගුරුවරයා කරන දේමය. ඒ නිසා ගැඹුරට කල්පනා කරන මිනිස්සු මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි නොවෙති. ම...