Tag: විභාග

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා පැවුසවේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. විභාග මෙහෙයුම් කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිතයි. මෙය මෙම වසරේ සිට ක්‍රියාත්මක වන්නේදැයි අනාවරණ කර නැහැ....
O/L විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

O/L විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ විභග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කර ගැනීමට අවස්ථාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කරගත හැකි බවයි. විභාග අපේක්ෂකයෙකුගේ ප්‍රවේශ පත්‍රයේ නම විෂය හෝ මාධ්‍ය සංශෝධනය කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිම අනවශ්‍ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා. එම සංශෝධන සිදුකිරීමට විදුල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ සංශෝධන පුද්ගලිකව සිදුකර ගැනීමට අවස්ථාව ලබා දී තිඛෙනවා. කෙසේවෙතත් එලෙස සිදුකරනු ලබන සංශෝධනවල පිටපතක් විභාගය පැවැත්වෙන දිනයේදී විභාග ප්‍රවේශ පත්‍රය සමග අමුනා ශාලාධිපතිවරයාට භාර දිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළ...