Tag: විශේෂඥ වෛද්‍ය

සංචාරකයින් හරහා නව කොරෝනා ප්‍රභේද පැමිණීමේ වැඩි ඉඩක් /විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සංචාරකයින් හරහා නව කොරෝනා ප්‍රභේද පැමිණීමේ වැඩි ඉඩක් /විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමත් සමග ඒ හරහා කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණීමේ වැඩි ඉඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණියද එය ව්‍යාප්ත වීමට ඉඩ නොදී පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංචාරක කර්මාන්තය ආරම්භ කළ පමණින් එහි සම්පූර්ණ වගකීම එම අමාත්‍යාංශය යටතට ගැනීමට නොහැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළා. එම නිසා ලබා දී ඇති මාර්ගෝපදේශයන්වලට යටත් වෙමින් සංචාරක කර්මාන්තයේ වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු නොකරන සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම වැරැදි සහගත බවත් ඔහු පැව...