Tag: ශවේන්ද්‍ර සිල්වා

හමුදා රෝහල්වලදී එන්නත එපා කී මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් ප්‍රතිචාර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

හමුදා රෝහල්වලදී එන්නත එපා කී මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් ප්‍රතිචාර

කොරෝනා වෛරසයට එරෙහි එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්‍රතික්ෂේක කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන බවත් එසේ ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයින් නොවන අයට පමණක් බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පවසනවා. මළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල්වලින් කොවිඩ් එන්නත ලබා ගැනීමට සූදානම් නැතැයි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හමුදාපතිවරයා මෙම අදහස් පල කළා. අපිට ඉන්නේ මානුෂීය හමුදාවක්. අපිට මේවා හංගන්න දෙයක් නැහැ. රටේ ජනතාව හදවතට තට්ටු කළොත් දන්වා ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ මොනතරම් මානුෂීයද කියන දේ . ඒ වගේම රටේ හමුදාවේ ප්‍රථම රාජකාරියට අමතරව රටේ ජනතාව ආරක්ෂා කරගැනීමටත් රටේ සංවර්ධනයටත් මොන තරම් දායකත්වයක් මේ හමුදාවලින් කරනවාද කියන එක. මේ අය මේ කියපු කාරණයත් එක්ක රටේ ජනතාව මේ තත්ත්වය තේරුම්ගත යුතුයි. මේ අපේ රටේ හමුදාව ගැන ...
අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 514 ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 514 ක්

අද (08) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,862ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ ආසාදිතයින් 740ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 64,141ක් බවට පත්වුණා.