Tag: ශ්‍රමිකයන්

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත. කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව මේ අවස්ථාවේදී කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත ප්‍රකාශ කළේය. මැදපෙරදිග තෙල් මිල පහළ යාම හේතුවෙන් රැකියා අහිමි වූවන් සහ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිස් හතර දහස් හත්සිය විසි එකක් (34,721) මෙරටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉල්ලීම් ලැබී ඇතැයි ද මෙහිදී අනාවරණය විය. විදෙස් තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නිලධාරීන් නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 80 ක්...
විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (2021.01.26) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව අවධාරණය කළා. ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අගමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා. ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍යඅවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා. මෙසේ ...