Tag: ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

ඇමති විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි / පොහොට්ටුවේ මහලේකම් කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇමති විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි / පොහොට්ටුවේ මහලේකම් කියයි

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සිටියා. පසුගිය දිනවල ඇතිවු විවිධ ප්‍රකාශ සහ වාර්තා සහ අප සමඟ කටයුතු කරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්‍ ජනතාවට කිසියම් හෝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකීමට අවශ්‍ය යැයි නිසා. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිත කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයින්ට විනය මාර්ග ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ ...