Tag: ශ්‍රීලනිප

මනාප ජන්ද ක්‍රමය අහෝසි කරන්න / නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් යෝජනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මනාප ජන්ද ක්‍රමය අහෝසි කරන්න / නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් යෝජනා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව ඔහු පැවසුවේ මනාප ජන්ද ක්‍රමය ද අහෝසි කළ යුතු බවයි. "එහි තිබෙන ප්‍රධානම කාරණා තමයි බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම කියන වගන්ති ඇතුළත්ව තිබීම. මෙම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වෙනස් වෙන්නට ඕනේ. පරිසරය සුරක්ෂිත කිරීම, මිනිසුන්ට වගේම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න ඕනේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අධිකරණ බලය පළාත්බද මහාධිකරණවලට ලබාදිය යුුතුයි කියලත් අපි යෝජනා කරනවා. පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරලා තියෙන්නේ තවදුරටත් බලය විමධ්‍...