පුහුණු එක්දින තරගයේදී චන්දිමාල් , මැතිවුස් ශතක වාර්තා කරයි
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව අද (19 ) නිමාවට පත්විය.
පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට පත්වූහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තේය.
අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා කණ්ඩායමේ ඉනිම හමාර වන තෙක්ම පන්දුවට පහර දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ පන්දු 123 ක් පමණක් වැය කරමිනි.
ඔහුට අමතරව වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ ද...