ජිනීවා සැසිවාරයේදී ලංකාව වෙනුවෙන් රටවල් 18ක් / නවතම වාර්තා හෙළිකරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රටවල් 18 ක් ශ්රී ලංකාවට සහාය දැක්වීමට සෘජුවම ඉදිරිපත්ව ඇතැයි ,තොරතුරු අනාවරණවී තිබෙනවා.
ඒ අනුව සැසිවාරය තුල ශ්රී ලංකාවට පක්ෂව එම රටවල් අදහස් දැක්වීමට නියමිත බවද අදාළ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණ කළා.
මානව හිමිකම් සහ වගවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ශ්රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කර ගැනීමට ප්රධාන රටවල් සමූහය ගත් උත්සාහය වලක්වා ගැනීම සඳහා අදාළ රටවල සහයෝගය ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව සාකච්ජා පවත්වා තිබුණා.
ඒ අනුව රටවල් 51 කට මීට අදාළ ලිපි යොමුකර තිබූ බවද එම වාර්තාවල සදහන්.
කෙසේ වෙතත්, ඉන්දියාව තවමත් ශ්රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්රකාශ කර නොමැති අතර ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත පැවසුවේ ඉන්දියාව ලංකාවට එරෙහි කිසිදු පියවරකට නොයෑමේ ප්රතිපත්තියක පසුවන බවයි.
එහෙත් එය ඉන්දීය රජයේ නිල ස්ථාවරය දැයි අනාවරණ කර නැහැ.
ඉන්දියාව සමඟ ඒකාබද්ධව කොළඹ...