Tag: ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය උතුරේ පිහිටුවීමේ සූදානමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය උතුරේ පිහිටුවීමේ සූදානමක්

උතුරේ ක්‍රියාත්මක ශිව සේනා නම් සංවිධානය විසින් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රධානි මරවන්පුලව් සචිත්තානන්දන් නැමැත්තා අනාවරණ කර ඇත්තේ ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් මෙය නම් කිරීමට යෝජනා කරන බවයි. දිනමලර් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මේ පිළිබද සාකච්ජා කිරීමට ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීමට නියමිත බවයි. හින්දු බැතිමතුන්ගේ ඡන්ද පදනම ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂයක් ලෙස ශිවසේනා සංවිධානය ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර එය බොහෝ කළහකාරී ක්‍රියා සඳහා මැදිහත් වන බවටයි චෝදනා ලබා ඇත්තේ. තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂ සංස්කෘතික අංශයේ ප්‍රධානි ගයාත්‍රි රඟුරාම් විසින් උතුරේ ශිවසේනා සංවිධානය මෙහෙයවන බවද අනාවරණවී තිබෙනවා. ‘2016 ඔක්තෝබරයේ සිට මෙරට ක්‍රියාත්මක ශිවසේනා සංවිධානය දෙමළ හින්දු අපේක්ෂකයන්ට පමණක් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ...