Tag: ශාකය

ආන්දෝලනයට ලක්වූ පණු කරඳ ගස් රට පුරා / අමාත්‍යාංශය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආන්දෝලනයට ලක්වූ පණු කරඳ ගස් රට පුරා / අමාත්‍යාංශය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

ගම්පහ දාරළුවෙන් හදුනාගෙන තිබූ ලංකාවට ආවේණික  (Crudia Zeylanica) පණු කරඳ ශාකය සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ගම්පහ මෙන්ම රට පුරා මෙම ශාක තවත් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. එම ශාක පිරිබද තොරතුරු ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මෙම නිවේදනයේ දක්වා තිබෙනවා. නිවේදනය පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි. ‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී. ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස...
ආන්දෝලනයකට ලක්වූ දුර්ලබ ගස වෙනත් ස්ථානයකට ගෙනයනවා / මාර්ග සංවර්ධන අධිකාරිය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආන්දෝලනයකට ලක්වූ දුර්ලබ ගස වෙනත් ස්ථානයකට ගෙනයනවා / මාර්ග සංවර්ධන අධිකාරිය

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි ගම්පහ - දාරලුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක පිහිටි ආන්දෝලනයට තුඩු දී ඇති ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දරන ලද්දේ නිසි අනුමැතියකට යටත්ව බව මාර්ග සංවර්ධන අධිකාරිය අවධාරණය කරනවා. ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී අදාළ ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ. ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට හඳුනාගෙන ඇති කෲඩියා සෙලනිකා නමැති මෙම ශාකය අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී එය වැළැක්වීමට ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ඊයේ කටයුතු කළා. ඇය පැවසුවේ මෙම ශාකය ඉවත් කිරීමට අදාළ තාක්ෂණය මෙරට තුල නොමැති අතර එය ඉවත් කිරීම මගින් එම පරිසර පද්ධතියම විනාශ වන බවයි. එහෙත් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළේ අ...
ලංකාවේදී 99 යෙන් බේරුණූ ලෝකයේ දුර්ලභම ශාකය-Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ලංකාවේදී 99 යෙන් බේරුණූ ලෝකයේ දුර්ලභම ශාකය-Video

ලෝකයෙන් තුරන් වී ගිය බවට සැළකුණ ද පසුගියදා ලංකාවෙන් යළි සොයාගත් කෘඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය ඊයේ දිනයේ වළක්වා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් අඩවි වනජීවී නිලධාරි දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ සාකච්ජාවල දී ඇති කරගත් එකඟතාවයන් කඩ කරමින් මෙම ගස ඉවත් කිරීමට තැත් කිරීමේ දී එය වැළැක්වූ බවයි. මොකළ මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ගම්ලහ කලාපය තුල මෙම ශාකතය පිහිටා තිබෙනවා. එම ශාකයට හානියක් නොවන පරිදි ශාකය මාර්ගය වෙනස් කිරීමට එකඟවී තිබුණ ද එය නොතකා ශාකය වෙනත් ස්ථානයකට ගෙනයාමට තැත් කර තිබීම විශේෂත්වයක්. https://www.facebook.com/watch/?v=458584135151727...