Tag: ශානි අබේසේකර

අනතුරු ඇඟවූවත් බලධාරීන් අවදානය දුන්නේ නෑ / ශානි අබේසේකර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

අනතුරු ඇඟවූවත් බලධාරීන් අවදානය දුන්නේ නෑ / ශානි අබේසේකර

මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍යවලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදී විනාශකාරී ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්වත් කළත් ඔහු ඒ පිළිබඳ උනන්දුවක් නොදැක් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ (26 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත දෙවන දිනටත් සාක්කි දෙමින් කීය. එම සාක්කි විභාගයේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ මෙසේය. නීතිඥවරයා- වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි මස 16 වන දින විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමත් සමග ඔබ කවර නිගමනයකටද පැමිණියේ? ශානි අබේසේකර- යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් කිරීමට සැලසුම් කර ඇති බව වැටහුණා. අදාළ පුපුරන ද්‍රව්‍ය සොයාගත්තේ මාවනැල...